- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට සුළං කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගෝල්ෆේස් අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. “සර්වපාක්ෂික අරගලකරුවෝ” සංවිධානය විසින් අරගලය දිනවන සම්මුතිය මැයෙන් පැවති සමුළුවකදී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා. වාර්තා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර හමුවක්ද නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී ඇත. ඒවාගේම ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟත් ඉන්පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් සමඟද අද සාකච්ඡා පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ධම්මික පෙරේරා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සැහැල්ලුවෙන් ප්‍රකාශ කළේ හර්ෂ ද සිල්වාගේ සියලු ප්‍රශ්නවලට තමන් ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙසින් පිළිතුරු දුන් බවත් ඔහු ආණ්ඩුවට එක්වීමට තවත් පියවර කිහිපයක් පමණක් ඇති බවත්ය. ධම්මික පෙරේරා අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ රට තුළ පවතින ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදයට සම්බන්ධ බවත්ය.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට සිය පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහය නොලැබී යාම හේතුවෙන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික ගැටළු හා කරුණු කිහිපයක් මුල්කරගනිමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කැරැල්ලක් දියත් කළ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයද ඉදිරිපත් වුණා. දෝෂාභියෝගයට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සාර්ථකව මුහුණ දුන් අතර ඔහු ඊට පසුද අග්‍රාමාත්‍යධුරයේ දිගින් දිගටම රාජකාරී කටයුතු කළා. කෙසේ වුවද පසුව ඔහුගේ රජයේ අමාත්‍යවරුන් රැසක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර එල්ලවන පීඩනය හමුවේ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් හා පසුව සිය අග්රාමාත්යධූරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය…
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. මේ අතර, දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. ඒ අනුව කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන් එම ස්ථානවලින් ඉවත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank) විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එම තීරණයට අනුව අනුපාතිකයන් ඉහළ දමා ඇත්තේ පහත අන්දමිනි. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 14.50%නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 15.50% ඒවාගේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, දැනට පවතින 4.00% අගයේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
පෞද්ගලික බස් රථවලින් 15%ක් අද ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලංගම ඩිපෝවෙන් ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, ලංගම ඩිපෝවෙන් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පෙරේදා (05) කොවිඩ් මරණ 01ක් වාර්තා වූ අතර, ඊයේ (06) දිනයේදී කොරෝනා ආසාදිතයින් 03ක් පමණක් වාර්තා විය. ඔවුන් සියල්ලන්ම දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 664,197 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,507ක්.
අද දිනයේදී නුවරඑළිය, මහනුවර සහ සබරගමුව පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (07) පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සමහර විට දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල කිලෝමීටරයකට සුළං ඇති වේ. ආසන්නයේ (40-50) තද සුළං ඇති වීමට ඉඩ ඇත. කුණාටු ආශ්රිත අකුණු මඟින් සහ තාවකාලික තද සුළංවලින් ඇති විය හැකි අවදානම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හටගෙන ඇති තත්ත්වය තුළ සියලුම හමුදා සාමාජිකයින් දැඩි සංයමයකින් යුතුව විනය ගරුකව සිය රාජකාරි සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටිනවා. මොනයම්ම හෝ තත්ත්වයක් යටතේ වුව ද පොදු ජනතාව වෙතට තුවක්කු එල්ල නොකරන ලෙස ද ඔහු සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටිනවා. නොබෝ දිනකට පෙර ගාලුකොටු පවුර මත පැවැති විරෝධතාවක් නැවැත්වීමට පැමිණි හමුදා සෙබලා හා ඉන්ධන පිරවුම්හලකදී සිවිල් පුරවැසියෙකුට පහරදුන් හමුදා නිලධාරියා, හමුදාවට අගෞරව වන ආකාරයට හැසිරුනු බවද, හමුදාවේ කීර්ති නාමය රැක ගැනීමට නම් ඔවුන් සම්බන්ධයෙන් උපරිම දඬුවම් ලබාදී නීතිය ඇස් පනාපිට විනිවිද භාවයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා. ලබන ජුලි…