- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ලංගම බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ. ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ඔවුන් සඳහන් කළේ.
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ නැවතත් දුම්රිය ධාවන කටයුතු ආම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. මාධ්‍යය කල විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ බව සඳහන් කළා.
කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සාරංගි සිල්වා ලෝක මලල ක්‍රීඩා තරගාවලියට තරග කිරීමට තෝරාගෙන ඇති අතර ඇය ක්‍රීඩිකාවන් 32 දෙනෙකුගෙන් යුත් ඉසව් කෝටාව දක්වා නව උසස්වීම් ලබා ඇත. ඇය ලෝක ශූරතාවලියේ තිරස් පැනීමේ ඉසව්වකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. කෙසේ වෙතත්, ඇය ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ලබන මාසයේ එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඇය තුර්කියේ වෙසෙන ඇගේ පුද්ගලික පුහුණුකරු සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා අවසන් සූදානම සඳහා සති අන්තයේ තුර්කිය බලා පිටත්ව යයි.
නීතියට අනුව “පොලිස් ඇඳිරි නීතිය” කියා කිසිවක් නැත. මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීමට හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කිරීමට කල නීති විරෝධී නිවේදනයකි. එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය. මෙය සම්පූර්ණයෙන්ම රජය විසින් ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් විසින් හෙට සැලසුම් කර ඇති විරෝධතාවයේ නියැලීම සාමාන්‍ය ජනතාව අධෛර්යමත් කිරීමට ගත් ක්‍රියාවකි. පැහැදිලි කිරීම මෙතැනින් නරඹන්න. https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1419276698585897&t=13
අද රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශ පහතින්. මීගමුව කොට්ඨාසයකැළණිය කොට්ඨාසයනුගේගොඩ කොට්ඨාසයගල්කිස්ස කොට්ඨාසයකොළඹ (උතුර) කොට්ඨාසයකොළඹ (දකුණ) කොට්ඨාසයකොළඹ (මධ්‍යම) කොට්ඨාසය
හෙට (ජුලි 9) දිනදීප ව්‍යාප්ත සියලුම පෞද්ගලික ඔසුසල් වසා තැබීමට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ලෝක ජනගහනයෙන් සියයට 50 කට බලපෑ හැකි නිවර්තන කලාපයට ඉහලින් පහල ආන්තික ගෝලයේ විශාල ඕසෝන් සිදුරක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. AIP Advances හි ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවකට අනුව, මෙම සිදුර ඇන්ටාක්ටික් ඕසෝන් කුහරය මෙන් හත් ගුණයක් විශාල වන අතර එය වසන්තයේ දී පමණක් මතු වේ. කැනඩාවේ ඔන්ටාරියෝ හි වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Qing-Bin Lu සිය පර්යේෂණයේ දී කියා සිටියේ 1980 ගණන්වල සිට මෙම නව ඕසෝන් සිදුර පවතින බවත් ඇන්ටාක්ටික් කුහරය මෙන් නොව මෙම නව ඕසෝන් සිදුර වසර පුරා පවතින බවත්ය. මෙම නව කුහරය පැවතීම පෘථිවියේ ජීවයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට විද්‍යාඥයා අනතුරු අඟවා ඇත. “නිවර්තන කලාපය…
කිසියම් කොට්ඨාශයක් උද්ඝෝෂණ සිදුකරන්නේ නම් එය ඉතාමත් සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) ඉල්ලා සිටී. ප්රචණ්ඩත්වය කිසි විටෙක පිළිතුරක් නොවන බවත් සාමකාමී විරෝධතාකරුවන්ට තම විරෝධය දැක්වීම සඳහා ඉඩ සහ ආරක්ෂාව ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට මතක් කර දෙන බවයි ඇය සඳහන් කරන්නේ. සමාජ ව්‍යාකුලත්වය ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය ආර්ථිකය නිවැරදි කිරීමට හෝ දේශපාලන ස්ථාවරත්වය ගෙන නොඑන බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
2017 වසරේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද දුම්රිය මැදිරි 160 න් 103 ක් අද දක්වා ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. වැකුම් බ්රේක් ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වන අතර ඇතැම් දුම්රිය මැදිරිවල තිබුණේ වායු තිරිංග පද්ධතිය පමණක් බවද නිලධාරීහු පෙන්වා දුන්හ. පැමිණිලි රහිත දුම්රිය මැදිරියක් ගෙන්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් නිලධාරීන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කරයි. පපු පෙදෙසට වෙඩි පහරවල් කීපයක්ම එල්ලවී ඇති බවද සඳහන් වනවා. ජපාන වේලාවෙන් අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.