Author: Buzzer Editor

ඊයේ දිනට කලින් දිනයේ (10) දිනයේ කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර, ඊයේ (11) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුනේ 19 දෙනෙක් පමණයි. මොවුන් සියලු දෙනාවම දේශීයව හඳුනාගත් ආසාදිතයින් වනවා. ඒ සමඟින් මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 664,292 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,520 ක් දක්වා ඉහළ යයි.

Read More

අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. වර්තමාන ගෑස් මිල රුපියල් 4910 ක් වන අතර ලිට්‍රෝ ගෑස් ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. දිස්ත්‍රික්ක අනුව සම්පූර්ණ මිල ලයිස්තුව පහතින්.

Read More

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙර ප්‍රකාශ කළ පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වීමට නියමිතයි.

Read More

ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමේ සූදානමක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරමින් මාධ්‍ය නිවේදනයක් අද (10) දිනයේ නිකුත් කර ඇති බවත් එයට අනුව ඔහු සූදානම් වන්නේ ගෑස්, ඉන්ධන ගැටලු ටික විසඳා යළි බලයේ රැඳී සිටීමට බවයි. සාමාන්‍ය එකතුවී සිදු කළ සමාජ පරාවර්ථනය නිසි වේලාවේදී නිසි පියවර නොගතහොත් එය යටපත් වී යා හැකි වන අතර මේ සම්බන්ධයෙන් සියලුම මහජනතාව මෙන්ම ජාත්‍යන්තර සංවිධානද දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. දරුණු විශාල සුනාමියක් ගොඩබිමට කඩා ඒමට පෙර මුහුද නිහඬව පසුපසට යන අවස්ථාව වැනි තත්ත්වයක මේ වන රට…

Read More

පුරප්පාඩු වන ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු කිසිඳු ප්‍රමාද කිරීමකින් තොරව හැකි ඉක්මණින් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර සිටිනවා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාරදීමෙන් අනතුරුව බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කළා. ජනාධිපති ධූරය පුරප්පාඩුවීමෙන් අනතුරුව අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වන අතර, අගමැතිවරයාට එසේ කටයුතු කළ නොහැකි නම් හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් කතානායක වරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වන බවත්, ඉන් පසු මාසයක් තුළ පාර්ලිමේන්තුව රැස්වී සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාගත යුතු බවයි ඔහු වඩාත් විස්තර කරමින්…

Read More

මෑත අතීතයේ අභ්‍යවකාශ තරණය කිරීමේදී අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රධාන ගැටලුවක් වූ අතර එය අභ්‍යවකාශ යානාවලට සැලකිය යුතු හානියක් සිදුවීමට ප්‍රධාන හේතුව විය. ඇස්තමේන්තුවකට අනුව මේ වන විට චන්ද්‍රිකා 9000ක් පමණ කක්ෂගත කර ඇති අතර ඉන් 5000ක් ක්‍රියාකාරී නොවේ. මේ නිසා ඔවුන් කක්ෂයේ අතරමං වී ඇති අතර එහිදී ඔවුන් ක්‍රියාකාරී අයට ගැටලුවක් වී ඇත. කෙසේ වෙතත්, ෂැංහයි අභ්‍යවකාශ පියාසැරි තාක්ෂණ ඇකඩමිය අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සාර්ථක බව නිවේදනය කළ ගැටලුවට විසඳුමක් සොයාගෙන ඇති බව පෙනේ. පසුගියදා අභ්‍යවකාශගත කළ Long March 2 රොකට්ටුවක් කක්ෂයෙන් පිටතට තල්ලු කිරීම සඳහා ‘drag sail’ (‘රුවල් ඇදගෙන යාම’ අදහස් කරයි). සාර්ථක ලෙස යොදාගත් බව චීන විද්‍යාඥයෝ පවසති. ඔවුන්…

Read More

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික මන්දිරයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් තිදෙනා ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවෙමින් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිවේදනයක් නිකුත් කරමින් සටහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහාය දක්වන වැඩපිළිවෙලක් සම්බන්ධව සාකච්ඡා නැවත පටන්ගැනීමට ඉඩහසර සකසා දීම සඳහා වර්තමාන තත්ත්වය නිරවුල් කර ගැනීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙරට ජනතාවට, විශේෂයෙන්ම දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට පවතින ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් ප්‍රතිපත්තිවලට අනුකූලව දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවී සිටින බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා තවදුරටත්…

Read More

සිය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා. මෙරටට ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් සිටියේ.

Read More