- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
කොළඹ දිස්ත්‍රික්කයට අද දහවල් 12 සිට ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට (15) අලුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹට ඇඳිරි නීතිය පැනවීමේ නියෝගය වැඩබලන ජනාධිපති වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.
අද (14) දිනයේ බස් රථ ධාවනය වන්නේ 7% ක පමණ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා. පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.
ඊයේ පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයේදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් විසින් යුද හමුදා සෙබළෙකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් සහ පතොරම් 60ක් සහිත මැගසින් 2ක් රාජසන්තක කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ සවස බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තුව අසළ පැවති මහජන නැගිටීමේදී යුද හමුදා සෙබළා සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ. කළුතර පොලිස් අභ්‍යාස පාසලට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයා විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර තිබේ. යුද හමුදා සෙබළා වැල්ලවාය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකු බවත් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් විසින් රාජසන්තක කර තිබූ ගිනි අවිය සහ පතොරම් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට…
තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමනට ලැබී නොමැති බව කතානායකවරයා පවසා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා සියලු පක්ෂ මන්ත්‍රීන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා. පෙර දින අලුයම මාලදිවයිනට ළඟා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය ගමනාන්තය දක්වා රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව සහිතව ආරක්ෂිතව ගමන් කරන තෙක් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාව මත මෙසේ ලිපිය ලබාදීම ප්‍රමාද වී ඇති බවද මේ වනවිට වාර්තා වනවා.
දැනට කි‍්‍රයාත්මක අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රාජ්‍ය අංශයේ සේවකයන්ට මේ මාසයට අදාළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතුව තිබෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නොහැකි වන්නේ දින කිහිපයක් ඇතුළත කැබිනට් රැස්වීමක් කැඳවිය හැකිද යන්න ගැටලුවක් වන බැවිනි. අමාත්‍ය මණ්ඩල තීරණය මුදල් මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව මුදල් මුද්‍රණය කිරීමට නීතිමය අවකාශය සැලසේ. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 29ක මුදලක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මුදල් මුද්‍රණය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට වැඩබලන ජනාධිපති ධුරයට පත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙනවා.…
හෙට (14) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට සියලුම පක්ෂ නායකයන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළා.
අරගලයේ නිරත විරෝධතාකරුවන් කිහිපයක් විසින් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට පත්ව ඇති බව එම සංගමය පවසා සිටිනවා. අත්පත් එම ගොඩනැගිලි පරිශ්‍රය වහාම අදාළ බලධාරීන් වෙත නැවත ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී විරෝධතාවල අයිතීන් අඛණ්ඩව තහවුරු කලත් ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වන බවද එම සංගමය දැඩි ලෙස අවධාරණය කර සිටී. රාජ්‍ය කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් ලෙස අර්ථ ගැන්වෙන්නේ නැති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. මෙවැනි කලබලකාරී අවස්තාවක සන්සුන්ව සිටිමින් මෙරට දේශපාලන නායකයින් පොරොන්දු වූ…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිවේදනයක් නිකුත් කර, විකාශනය නතර කර, ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් සමඟ මීට සුළු මොහොතකට පෙර එකතු විය.
මේ වන විට හෙලිකොප්ටර් යානා කිහිපයක් කොළඹ ප්‍රදේශ කිහිපයක පියාසර කරමින් සිටින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කොළඹ ගාලුමුව ප්‍රදේශයේ විරෝධතාව පැවති ස්ථානය ආසන්නයේ ඉතා පහතින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණා. මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල හෙලිකොප්ටර් යානා කිහිපයක් පියාසර කරමින් සිටින බව වාර්තා වේ.