Author: Buzzer Editor

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ජූලි මස වැටුප, විශ්‍රාම වැටුප්, දීමනා ඇතුළු සියලුම ගෙවීම් නියමිත පරිදි සිදුකරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 92ක් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 25.5ක් වෙන් කරන බවත්, ඒ සඳහා භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය. රජයේ සේවකයන්ට මේ මාසයේ වැටුප් ගෙවීමට නොහැකි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුව නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම සිදු කර තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නීත්‍යනුකූලභාවය තහවුරු කරගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා ලෙස ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස පොතට එකතුවනු ඇත. කතානායකවරයාගේ ප්‍රකාශය පහතින් නරඹන්න.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතී. මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

“ජනාධිපති ධූරයෙන් ඉවත්වීම” යනුවෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජව සකස්කෙරුණු ලිපියක් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඉහත සඳහන් වූ ඒ අදාළ ව්‍යාජ ලිපිය සහ නිවේදනය පහතින්.

Read More

මෙම මස 17 වැනි දා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 සහිත නැව් තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටිනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල නිවේදනය හෙට (සිකුරාදා) සිදු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වාර්ෂිකවම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙනු ලැබේ. මීට කලින් වර්ෂයේදී මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.

Read More

හෙට (15) උදෑසන 10ට නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන නම කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසා සිටිනවා. අද (14) දිනයේ එම කරුණ පිලිබඳ තීරණය කිරීම සඳහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ විවිධ පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ. සියලු පක්ෂ වලින් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට මීට පෙර දවසක දැනුම්දී තිබුණා.

Read More

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය. වාර්තාවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි ගුවන් සේවයට අයත් (SV788) ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යන්නේ මෙම ගුවන් යානය දැනට වැඩිපුරම නිරීක්ෂණය කළ තුන්වන ගුවන් යානයයි. ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉල්ලා අස්විය යුතු බවට කරන ලද මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මාලදිවයිනට පලා ගියේය. ජුලි 09 වනදා ඇති වූ ජනතා නැගිටීමකින් අනතුරුව ජුලි 13 වනදා සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.කෙසේ වෙතත් ජුලි 13 වනදා මුලදී ඔහු මාලදිවයිනට පළා ගියේ…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පකිස්ථානයට එරෙහිව එළඹෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී. මෙම තරඟාවලිය තරඟ 02 කින් සමන්විත වන අතර එය 2021 – 2023 ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වේ. පළමු ටෙස්ට් තරගය 2022 ජූලි 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Read More