Author: Buzzer Editor

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ඩොලරයක විකුණුම් මිල රු. 368.91 ක් වන අතර, ගැනුම් මිල රු. 358.31 කි. ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල රු. 256.28 ක් වන අතර කැනේඩියානු ඩොලරය රු. 288.38 කි. යුරෝ රු. 377.97 ක් වන අතර, ස්ටර්ලින් පවුම රු. 443. 59.

Read More

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි. පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කළ නායකයෙකු ලෙස ප්‍රකටය.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබා දීමෙන් පසු අසල්වැසි රට වන ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටින බව ඉන්දියන් එක්ස්ප්‍රස් අඟහරුවාදා වාර්තා කළේය. “අදහස නම් ඔවුන්ගේ විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමයි. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ප්‍රතිචාර දැක්වීමට මධ්‍ය කාලීන හා දිගු කාලීන ධාරිතාවක් ඇති කිරීමට එය ඉවහල් වන බැවින් ශ්‍රී ලංකාවට තවත් ආයෝජන ගෙන ඒමට අපි කැමැත්තෙමු, ”රොයිටර් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පැවසීය. ප්‍රවෘත්ති ඒජන්සිය වන ANI වෙත අනුව, රටේ මුදල් අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් සිට මාස හතර තුළ ඉන්දියාව දිවයිනේ ඉහළම…

Read More

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතය. ඊයේ (20) පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් පිටත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

Read More

අද (21) සිට සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම දිවයිනපුරා ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරමින් කියා සිටියේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස QR ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතයි.

Read More

අද (21) දිනයේ බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ උව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

එළඹෙන සතියේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය බලාත්මක කරන තෙක් සපයන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 1,500ක්ද, ත්‍රීරෝද රථයක් සඳහා උපරිම රුපියල් 2,000ක්ද, අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයක් යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ (19) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read More

එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ. එමෙන්ම පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුනට නිවසේ සිට අධ්‍යාපන පහසුකම් ලබාදීම හෝ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් සිදුකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ස්තූතිය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු අවසන් වී නැවතත් පැමිණෙමින් සිටියදී තම නිල රථයෙන් බැස මෙලෙස සිය ස්තූතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා සඳහන් කළේ‍. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සෑම කෙනෙකුටම තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. දිගින් දිගටම ජනාධිපතිවරණ 2ක් අසාර්ථක වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට නොහැකි වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ට හැකි විය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැති ලෙස රනිල් පත් විය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්ද 219 ක් වලංගු වූ අතර ඡන්ද 4 ක්…

Read More