Author: Buzzer Editor

මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ප්‍රති විරුද්ධව ගත් ක්‍රියාමාර්ග ගැන තමාට දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසා සිටිනවා. ඇය සිය Twitter ගිණුමේ සටහනක්ද තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය. අදාළ සටහන පහතින්.

Read More

අද (22) අලුයම ගාලුමුවදොර මහජන අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහජන විරෝධතාවක් පැවැත්වෙනවා. මේ සඳහා මේ වනවිටත් මහජනතාව රැස් වෙමින් සිටින බව වාර්තා වනවා.

Read More

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා තේරී පත්වී තිබේ. ඔහු අද කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ සභානායකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර ඇත. ගුණවර්ධන 1983 සිට වාමාංශික මහජන එක්සත් පෙරමුණ (MEP) පක්ෂයට නායකත්වය දුන්නේය.

Read More

අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා සිටිනවා. වත්මන් විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙනවා. හැකි ඉක්මනින් අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද, හමුදාවේ එවැනි ක්‍රියාමාර්ග හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය තුළ ගන්නා කිසිඳු ක්‍රියාමාර්ගයක් යලි කිසිදා නොගන්නා බවට සහතික කරන ලෙසද, මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දෙනවා. ලංකා නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ඔවුන් නිකුත් කළ…

Read More

හෙට (22) උදෑසන නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටිනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09.00 ට ආරම්භ වීමට නියමිතයි.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර තිබූ නෝ ඩීල් ගම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එදා පත්ව සිටි අගමැති මහින්ද රාජපක්ෂට ඉවත් වන ලෙස බල කරමින් එම ස්ථානයේ “මයිනා ගෝ ගම” නමින් මහජන විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කළා. පසුව මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ අතර එහිදී මෙම ස්ථානය “නෝ ඩීල් ගම” නමින් නම් කරමින් මහජන විරෝධතාවයක් ආරම්භ කළා.

Read More

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) හි තේරීම වන ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu), ගණන් කිරීමේ වට තුනකට පසුව පමණක් මුළු ඡන්ද වටිනාකමෙන් අඩකට වඩා ලබා, ඇයගේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික ජනාධිපතිවරිය සහ රටේ දෙවන කාන්තා ජනාධිපතිවරිය බවට පත්විය. විපක්ෂයේ යෂ්වන්ත් සිංහා මේ වනවිට සිය පරාජය ප්‍රකාශ කර ඇත.

Read More

දුම්රිය සාමාන්‍ය ගාස්තු 22 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ. නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව පෙනේ.

Read More

සෙම්ප්‍රතිශ්‍යාව නම ඇසූ පමණින්ම මේ වනවිට බොහෝ දෙනෙක් දන්නා සමාජයේ සුලබ රෝගී තත්ත්වයක් වී අවසන්ය. ඉඳහිට සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරුවන්නන් සේම නිරතුරුවම ඊට ගොදුරුවන පුද්ගලයෝද වෙති. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම කෙරෙහි බලපාන ප්‍රධාන සේම අතුරු කාරණාද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ සඳහා ඔවුන් දක්වන ප්‍රතිචාරය පවා විවිධ වේ. නිතරම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හේතු; 1). පුද්ගලයා ජීවත් වන පාරිසරික සාධක 2). ඔහු ගන්නා ආහාර 3). දුහුවිලි 4). ඔහු පරිහරණය කරන ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, ආදිය නිසා සෙම් රෝග ගැන ආයුර්වේදයේ ඇති සඳහන සෙම් රෝගීන් සීතල ආහාර පාන ලබා නොගත යුතු බවට ආයුර්වේදය උපදෙස් ලබා දී තිබේ. වැසි සහිත සිසිල් කාලගුණික තත්ත්ව මත වුවද අයිස් ක්‍රීම්, සීත…

Read More

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන්  ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ. ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

Read More