- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඔහු පාර්ලිමේන්තුවේදී ලබන 27 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස ලෙස පත් වීමෙන් පසුව එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය. අදාළ ගැසට් නිවේදනය පහතින්.
අද (23) සවස 06 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වලින් පැය 48 ක කාලයක් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා. පෙර අවස්ථා වල නව ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවැරැදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි ඔවුන් පවසන්නේ. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබාදීමට තිබෙනවා. අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වත්මන් ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇති අතර අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.
කැබිනට් අමාත්‍යවරයෙකු ජපානයේ තායිස් සමාගමෙන් අල්ලස් ඉල්ලා සිටි බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කළ නොහැකි බව අවධාරණය කර සිටිනවා. ගැටලු කිහිපයක් විසඳීමට ඇති බැවින් දුම්රිය ගාස්තු සංශෝධනය කළ නොහැකි බව එම සංගමය පවසනවා. මීට පෙරාතුව දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් හරි අඩකින් වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා. ඒ අනුව අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමටයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබුනේ.
ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල 02ක දී සාර්ථකව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter සටහනක් තබමින් පවසා සිටිනවා. ඒ අනුව අද (23) දිනයේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 25 ක තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම QR ක්‍රමවේදය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. අද දිනයේ සිට QR ක්‍රමවේදය අත්හදා බලන පිරවුම් ලැයිස්තුව පහතින්.
අද අලුයම ගාලුමුවදොර අරගල භූමියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 9 දෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා. ඒ අනුව නීතීඥ නුවන් බෝපගේ ඇතුළු 9 දෙනෙකු මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ. මෙම අත්අඩංගුවට පත්වූ පිරිස වෙනුවෙන් නීතීඥවරුන් විශාල පිරිසක් පෙනී සිටීම විශේෂත්වයක් වනවා.
අලුයම ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට එම ස්ථානයේ සත්‍යග්‍රහයක් පැවැත්වෙමින් පවතිනවා. මේ සඳහා එම ස්ථානයට මහජනතාව රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.
තවත් පෙට්‍රල් සහ බර ඉන්ධන තොගයක් ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එහි තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන්ධන ගොඩබෑම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම බොරතෙල් බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා බෙදා හැරීම සඳහා යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
නව අතුරු අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීමේ උත්සවය කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 18 දෙනෙකුගෙන් යුත් නව අතුරු කැබිනට් මණ්ඩලය මෙසේය.