Author: Buzzer Editor

කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා අද (13) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, අද (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බ‍වයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව වැඩිදුරටත් සඳහන්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි. Dornier MedTech විසින් නිපදවන ලද Medilas H140 නවීනතම Holmium: YAG ලේසර් කිරණයක් වන අතර එමඟින් මෙරට මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කරමින් වකුගඩු රෝගීන්ට නිවැරදි හා ආරක්ෂිත ප්‍රතිකර්මයක් ලෙස ක්‍රියාත්මක වේ. වර්තමානයේ වෙළෙඳපොළේ ඇති ඉහළ බලැති Holmium:YAG නම් ලේසර් වලින් එකක් මෙම යන්ත්‍රය තුළ අන්තර්ගත…

Read More

සෝමාලියාවේ මෙහෙයුම්වල නියැලෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් අල්ලා ගැනීමට එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය ත්‍රස්තයෝ සමත් වූහ. හෙලිකොප්ටරය අල් ෂෙබාබ් ත්‍රස්ත ග්‍රහණයට හසුවී ඇත්තේ, එය එම ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතු ගල්ගඩූඞ් පළාතේ, ගඩූන් නමැති ගම්මානය අසලට හදිසි ගොඩබෑමක් කළ අවස්ථාවේදීය. යානය හදිසියේ ගොඩබෑවේ එහි තාක්ෂණික දෝෂයක් හටගත් බැවිනි. හෙලිකොප්ටරයේ නියමුවන් ද ඇතුළු විදේශිකයෝ 9 දෙනෙක් වූහ. ඔවුහු ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට පත්වූහ. හෙලිකොප්ටරයේ සිටි 9 දෙනා අතරේ හමුදා නිලධාරීහු තිදෙනෙක් ද සිටියහ. අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ වසර 16 ක් කිස්සේය. අප්‍රිකාවට අයත් සෝමාලියාව, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් දුර්වල රාජ්‍යයකි. (AFP) තවත් විදෙස්…

Read More

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) දෙදින නිල සංචාරයක් සඳහා අද (11) දිවයිනට පැමිණ තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ඔහුව කටුනායක ගුවන්තොටුපොලේදී පිළිගනු ලැබූ බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

වැටුප් කප්පාදුවක් හේතුවෙන්, පැපුවා නිව් ගිනියාවේ, මෝස්බි්‍ර අගනුවර, ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු තුවාල ලැබූ බවත්ය. කලහකාරී පිරිස් මෝටර් රථවලටත්, නගරයේ කඩසාප්පු සහ ගොඩනැගිලිවලටත් පහර දුන්හ. ඔවුහු සුපිරි වෙළෙඳසැල්වලට කඩා වැදී, අලාභහානි සිදු කරමින්, සුපිරි වෙළෙඳසැල් කොල්ල කෑමට පටන් ගත්හ. වැටුප් කප්පාදුව සිදුවී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50 කින් කප්පාදු කර ඇතැයි පැවැසෙයි. පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ පසා ඇත්තේ, රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකළ බවත්, වැටුප් කප්පාදුවක් වී ඇත්තේ වැටුප් සකස් කරන පරිගණක පද්ධතියේ සිදුවුණු දෝෂයක් නිසා බවත්ය.…

Read More

‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, එම වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගැනුණි. මෙම බෝයිං 737 ගුවන් යානා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සිදුවූයේ පසුගිය සති අන්තයේ, මගීන් සමඟ පියාසර කරමින් තිබුණු ඇලෙක්සා ගුවන් සේවයට අයත්, ‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානයක කැබින් දොර, හිටිහැටි ගැලවී විසිවී යෑමේ සිද්ධියෙන් අනතුරුවය. ඇලෙස්කා ගුවන් සේවයට අයත් අංක 1282 නමැති එම ගුවන් යානයේ කැබින් දොර ගැලවී විසිවී ගියේ යානය කැලිෆෝනියාවේ ඔන්ටැරියෝ බලා පියාසර කරමින් තිබියදීය. ඒ වනවිට…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් (Geoff Allardice) සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මෙසේ ඉහළ දැමෙන බව කියුබානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට සිදුවුණු බවත්, ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවත් කියුබානු රජය එරට ජනතාවට පැහැදිලි කර තිබේ. මිලියන 11ක ජනගහනයක් වෙසෙන, ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්වුණු කියුබාව, 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බව ජගත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. කියුබාවේ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ආර්ථික විශේෂඥයන් පෙන්වා…

Read More

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය ගොඩනැගීම පිළිබඳව කතිකාවතක් වර්තමානය වන විට ගොඩනැගී තිබේ .  එහිදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත. ඉදිරියේදී ඇති විය හැකි බලශක්ති අවදානම පිළිබඳව පූර්ව වශයෙන් හඳුනාගනිමින් ඒ වෙනුවෙන් ගත් නිරවද්‍ය පියවරක් ලෙස ද මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා කඩිනම් සැලසුම් නිර්මාණය කිරීම දැක්විය හැකිය. අදානි එනර්ජි වින්ඩ් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විප්ලවයේ මූලික ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs) අතර වඩාත් ප්‍රචලිත වෙමින් පෙරමුණ ගෙන සිටින අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට සූදානමින් සිටින අතර එය ආර්ථිකමය වශයෙන් මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි…

Read More

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවත් ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. TIN ලබාදීම කාර්යක්ෂම කිරීම සඳහා…

Read More