Author: Buzzer Editor

පසුගිය සිකුරාදා (22) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අද උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.50 සිකුරාදා මිල රු. 368.63 කි. ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රු. 256.41, කැනේඩියානු ඩොලරය රු. 286.91, යුරෝ රු. 377. 63, සහ ස්ටර්ලින් පවුම රු. 443.26 කි.

Read More

කොළඹ ගාලු මුවදොර පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ නිරත ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ක්‍රියාකාරීන් හයදෙනාට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, කතෝලික පූජක ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ‘වෙනසකට තාරුණ්‍යය’ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහ එරංග ගුණසේකර යන මහත්වරු ක්‍රියාකාරීන් අතර වෙති. ජූනි මස 9 සහ 10 යන දිනවල කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ පැවති පෙළපාලිවලදී නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 17 වැනිදා පොලිසියට නියෝග…

Read More

දැන් ලංකාව මුහුණ දී සිටින ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා රජය ළඟා වී ඇති ඉන්ධන නොමැතිකම සහ QR පද්ධතිය පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රධාන කරුණු සහ තොරතුරු කිහිපයක් ලබා දුන්නේය. දෛනික පෙට්‍රල් ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම නිසා QR පද්ධතිය නිර්මාණය විය. මුදල් ගැටලු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කළ යුතුය. CPC කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දෛනික පදනමින් ඉන්ධන ලබා දී නොමැත. අසීමිත සැපයුම් සමඟ වුවද, මෙය පාහේ කළ නොහැක්කකි. ජාතික ඉන්ධන බලපත්‍රය ජූලි 26 අඟහරුවාදා සිට CEYPETCO සහ LIOC හි බොහෝ ස්ථානවල ලබා ගත හැකිය. මෙම යෝජනා ක්‍රමය බලපත්‍ර තහඩුවේ අවසාන ඉලක්කම් සමඟ අගෝස්තු 1…

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පාකිස්ථානය සමග ගාල්ලේ පැවැත්වෙන 2 වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පිටියට පැමිණියේ නෑ. කොන්දේ ඇතිවූ ආබාධ තත්ත්වයක් නිසා එයට ප්‍රතිකාර ලබමින් සිටින නිසාවෙන් දිමුත් කරුණාරත්න සහභාගී වී නැති බව වාර්තා වනවා. කරුණාරත්න මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වේ. ඔහු වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා ස්ථාවර නායකයා ලෙස පත්කර තිබේ. මේ අතර සහය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කර ඇත්තේ කණ්ඩායම් පුහුණු සැසියකදී ඇති වූ ආබාධයකට ලක්ව ඔහුට සුවය ලබා ගැනීමට කාලය ලබා…

Read More

අද (25) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. මෙම අවස්තාවේදී තානාපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තේරී පත්වීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සුබපැතුම් එක්කර තිබෙන බවට වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි. අදාළ ලිපිය පහතින්,

Read More

අද (25) දිනයේත් QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA) අධ්‍යක්ෂ දසුන් හෑගොඩ පවසනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, ලැබෙන ප්‍රතිචාර අනුව පද්ධතිය වැඩිදියුණු කර ඉදිරි දින කිහිපයේ දී එය දිවයින පුරා භාවිතයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මීට පෙර අද දිනයේ සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනා.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 ක් ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. මේ අතර සමගි ජනබල පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් රජය පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වීමට සූදානම් වන බව ද වාර්තා වේ.ඒ අනුව විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ගණන ඇති පක්ෂය බැවිනි.

Read More

අද (24) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත් කර දෙමින්. තරඟයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315 ක් ලබා සිටිනවා. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42 ක් හා සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 3ක්, දිමුත් කරුණාරත්න ලකුණු 40 ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබා ගැනීමට…

Read More

දකුණු පළාත් සභාවට අයත් සියලුම රජයේ පාසල් හෙට ආරම්භ වන අතර එම පාසල් සතියේ දින 5ම පැවැත්වීමට පියවර ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

Read More

ඉන්ධන තොග සඟවා පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප‍්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කර ඇත. ඊට අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම් හල් හිමියාට මුදලින් රුපියල් 10,000 දඩයක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක‍්‍රියා කරන බවද මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට තරයේ අවවාද කර තිබේ.

Read More