Author: Buzzer Editor

මෙම වසරේ පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් මඟින් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා 20% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. ඇඟලුම් සහ රෙදිපිළි, ආහාර පාන සහ මුහුදු ආහාර, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන යනාදිය එම අපනයන ඉපැයීම් ඉහළ යාම බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව සඳහන් වන්නේ.

Read More

වාලච්චේන ප්‍රදේශයේදී ඊයේ වාර්තා වූ මෙම ප්‍රහාරය මඩකලපුව කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකු විසින් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මුලදී, සමාජ මාධ්‍යවල ඡායාරූප හුවමාරු වූයේ, ඊයේ උදෑසන කිසියම් පිරිසක් විසින් ගුවන් හමුදා නිලධාරියෙකු පැහැරගෙන ගොස්, නිරුවත් කර, පහර දී ඇති බවයි. ඔහු ඊයේ උදෑසන වාලච්චේන රිදියතැන්න ප්‍රදේශයේ ගසක බැද සිටියදි ප්‍රදේශවාසීන්ට හමුව තිබූ අතර ඔවුන් ඒ පිලිබද පොලිසියට දැනුම් දී තිබුණා. පොලිසිය විසින් පවසන පරිදි ඔහුව සිවිල් ඇඳුම ගලවා ගසක බැඳ තිබු බව ද වාර්තා විය. “දූෂිත දේශපාලකයන්ට සහය දෙන අයව මරන්නේ මෙහෙමයි” යනුවෙන් සඳහන් දෙමළ භාෂාවෙන් ලියා තිබූ පුවරුවක් ද නිලධාරියා බේරාගත් ස්ථානය ආසන්නයේ තිබී හමුවුණා.…

Read More

උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටවීම අද (29) අළුයම 03.03 ට යොදුන සුභ මුහුර්තියෙන් සිදුවිය. ඊයේ අලුයම් කාලයේදී අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප් රැගත් පෙරහර ගමන් ආරම්භ කර තිබුණා. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලයන්හි ඒ අයුරින් කප් සිටුවීම සිදුකෙරුණු අතර එතැන් පටන් දින පහක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වැනිදා ආරම්භ වන අතර රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

Read More

අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් අතර හමුවක් සිදුව තිබෙනවා. වර්තමානයේ රටේ පවතින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පවත්වන සාකච්ඡා සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් වූ නියමිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශව අතර අදහස් හුවමාරුවී අහි බවට වාර්තා වනවා. අදාළ Twitter පණිවිඩය පහතින්,

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති වැදගත් කරුණු ගෙනහැර දක්වා ඇත. රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More

සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. එමෙන්ම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුළුවලින් බරව පතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අකුණු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම මුදල් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදී තිබුණි. විරෝධතාකරුවන් රුපියල් මිලියන 17.8 ක මුදලක් ගණන් කර භාරදුන් බවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කළේය. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවසුවේ අදාළ මුදල් පොලිසියට භාරදී සති තුනක් ගතවී ඇතත් එම මුදල් පිළිබඳ වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි. එම මුදල වහාම ඉදිරිපත් කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කිරීම සිදු කරන ලද අතර මිලියන 17.8 ක මුදලක් අධිකරණය හමුවේ තබාන්නට කියූ මහේස්ත්‍රාත්වරයා එම මුදල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළේය.

Read More

ලබන අගෝස්තු මස 1 වැනිදා සිට දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් අර අදිමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා මුඛයෙන් පවසනවා. මීට මාසයකට ආසන්න කාලයකට පෙර දුම්රිය කලින් ආසන වෙන් කරවාගැනීමේ ගාස්තු ඉතා ඉහල ප්‍රතිශතයකින් වැඩි කල බවත් සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව මෙම මස 25 වන දින ඉහළ දැමීමත් සමඟ මෙම කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව නැවතත් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටී.

Read More

අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙනවා. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පහතින්.

Read More

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු සහ එම අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ. අද (28) නීතිවිරෝධී පුද්ගලයින් විශාල පිරිසකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවට සහභාගි නොවීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

Read More