Author: Buzzer Editor

පෙරේදා දිනයේ (31) කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ (01) කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 108 දෙනෙක් පමණයි. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,847 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,550 ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට කඩා වැදී රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සම්බන්ධයෙන් පානදුර පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ශ්‍රී මහා විහාර මාවතේ පිහිටි නීතිඥවරියගේ නිවසට දිවා කාලයේ ඇතුළු වී මුදල් කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

Read More

යුපුන් අබේකෝන් බර්මින්හැම් නුවර පැවත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 තේරීම් තරඟ අංක 6 ඉසව්ව තත්පර 10.06 කින් තරගය නිමා කරමින් පළමු ස්ථානයට පත්විය. ඒ සමඟම අවසන් පූර්ව වටයට ඔහු සුදුසුකම් ලබා ගත්තේය. මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.

Read More

උඩරට විවාහ හා දික්කසාද පනතට සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපිය අනුමැතිය අවශ්‍ය වන උදාර විවාහ හා දික්කසාද පනතේ අදාළ වගන්තිය ඉවත් කර එහි ඇති නොගැලපීම ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

අමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මියගොස් ඇති බවටයි සඳහන් වන්නේ. ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවසේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. 2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු සවාහිරි අල්-කයිඩාව භාර ගත් අතර අමෙරිකාවට එල්ල කරන ලද 9/11 ප්‍රහාරයේ මහමොළකරුවෙකු ලෙසද අල් සවාහිරි කටයුතු කර ඇති බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුනු බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ශ්‍රී ලංකා හැඳුනුම්පත් අංකය (SLIN) ඇතුළත් කර උප්පැන්න සහතික නිකුත් කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද හඳුන්වා දෙන ලදී. 2021 දෙසැම්බර් මාසයේදී ගනු ලැබූ කැබිනට් තීරණයකට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම මුලපිරීම සිදු කෙරේ. එහි නියමු ව්‍යාපෘතිය ගම්පහ, දෙහිවල, හඟුරකැත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව ලේකම් කාර්යාල බල ප්‍රදේශවල දියත් කිරීමට නියමිතය. නව උප්පැන්න සහතික ලබා ගන්නා අයට වයස අවුරුදු 15 දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට SLIN අංකය ලබා දීමෙන් තම ජාතික හැඳුනුම්පත ලබා ගත හැක.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක 12කට තද වැසි සහ තද සුළං පිළිබඳ දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම කාලගුණ උපදේශනය අද පෙරවරු 08.30 සිට හෙට (3) පෙරවරු 08.30 දක්වා පැය 12ක කාලයක් ක්‍රියාත්මක වේ. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු-මැද,…

Read More

යම්කිසි රටක් දරාගත නොහැකි අන්දමින් ණය ලබාගැනීමෙන් අත්වන ඉරණම දැකගැනීමට කැමතිනම් එයට කදිම නිදසුන ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝගිවා මහත්මිය පවසයි. මේ අන්දමින් දරාගත නොහැකි ප්‍රමාණයකින් රටක් ණය ගත්විට ඇතිවන දේශපාලන අර්බුදය ද ඉන් මනාව පැහැදිලි වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කලාය. ඉන්දුනිසියාේ පැවති G20 රටවල් මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් සදහා පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කරන ලදි. වර්තමානයේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ හිග වීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ද පවසයි.

Read More

සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සිකුරාදා දින මාන්කුලම් ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු ද, සෙනසුරාදා බණ්ඩාරගම, අත්තනගල්ල, ගල්ගමුව, ත්‍රිකුණාමලය සහ තංගල්ල ප්‍රදේශවල සැකකරුවන් හත් දෙනෙකු ද, ඉරිදා සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ නොහික්මුණු ලෙස හැසිරීම, සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, බීමතින් පොලිස් නිලධාරීන්ට සහ පිරවුම්හල්වල සේවකයන්ට තර්ජනය කිරීම හා හානි කිරීමට උත්සාහ කිරීම ය. මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය මගින් නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…

Read More