Author: Buzzer Editor

පසුගියදා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය. සඳුදා සිට ඩීසල් මිල අඩුවුවත් දැනට පවතින බස් ගාස්තු අනුව ගාස්තු ප්‍රතිශතයක් ගණනය කිරීම ඉතා අපහසු නිසා ජනතාවට සහනයක් ලබාදීම ප්‍රායෝගික නැත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා වයිට් ඩීසල් ලීටරයක මිල පසුගිය සඳුදා (අගෝස්තු 1) රාත්‍රී 10 සිට රුපියල් 10කින් අඩු කළේය. ඉදිරියේදී ඩීසල් මිල යළි අඩු වුවහොත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය. මීළඟ මිල සංශෝධනය වැඩි ප්‍රතිශතයකින් සිදු වුවහොත් බස් ගාස්තු අඩු කිරීමක්…

Read More

පුද්ගලයින් සිව්දෙනෙකු ඩීසල් ලීටර් 6600ක බවුසරයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකුගේ මාර්ගයෙන් මෙම වැටලීම සිදුකළ බවයි පොලීස් ආරංචි මාර්ග පවසන්නේ. ඩීසල් තොග වැඩි මිලට හොර පාරෙන් අලෙවි කරන බවට ලද තොරතුරු මත කළ විමසීමට අනුව මීගොඩ පොලීසියේ උපාය දූතයෙකු මඟින් කල ගනුදෙනුවේදී ඩීසල් ලීටරයක් රුපියල් 900කට මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ තිබෙනවා. පසුව මීගොඩ වැටරැක ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට බව පවසමින් අදාළ බවුසරය එම ප්‍රදේශයට ගෙන්වාගෙන එම ගණුදෙනුවට මූලිකත්වය ගත් තැරැව්කරුවන් දෙදෙනා, බවුසරයේ රියදුරු සහ එහි සහයක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අයිඩියල් මෝටර්ස් විසින් “Ideal Moksha” නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම ඊයේ (28වැනිදා) කොළඹදී සිදු කෙරිණ. රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩි්‍රසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 lWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද ඇත. කිලෝග්‍රෑම් 870 ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay සහ…

Read More

අද (03) නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පටන් ගැනුනා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ කතාවේ වැදගත් කරුණු කිහිපයක් උපුටා ගෙන පහතින් සඳහන් වේ. කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධාරණය කරනවා.ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙන අතර ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවෙනවා.යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ අතර මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීම පිළිබඳව සුබපැතුම් පළ කර තිබේ. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති එච්.එච්. ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් දුරකථන ඇමතුමකින්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතූ අතර, ශ්‍රී ලංකාව ස්ථාවරත්වය සහ සාමය කරා ගෙනයාමට සහ එය සිදුවෙමින් පවතින තත්ත්වයන් ජය ගැනීමට ඔහුට ප්‍රාර්ථනා කළේය. හරහා. නායකයින් දෙදෙනා ද්වී පාර්ශවීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ මාර්ග සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු ද සාකච්ඡා කළහ”. එක්සත් අරාබි…

Read More

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත විය. සජීවී දර්ශන පහතින්.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන මුළු ගණන 6 කි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, වෙඩි තැබීම සිදු කළ තැනැත්ත සොයා මෙහෙයුම් දැනටමත් කඩිනමින් සිදුවන බවත් පොලිස්පති රොබට් ජේ. කොන්තේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. වැඩි විස්තර සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

උසාවි නියෝග කඩ කිරීමේ චෝදනා මත ඊයේ (01) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිදු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අද සවස් වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණා. කමිටු අවසන් වාර්තාවට අනුව ඔහුව නිදොස් කොට නිදහස් කර තිබුණි.

Read More