- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
- කොළඹ බලය කාට ද? පුරපති තේරීමේ ඡන්ද විමසීම අද
Author: Buzzer Editor
දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ද ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් පත් කර ඇත. ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන් වන්නේ.
අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ. බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය. ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. ඒ අනුව මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකියාව ලැබුණු අතරම ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී ලෝකඩ පදක්කමක් පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය ඉතිහාස ගත වෙයි.
මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර සුහද මිත්‍රත්වය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජින සදහන් කර සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය සතුව කඩිනම් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ඇති බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් රෝහලක බාහිර රෝගී අංශයට ගොස් වේගවත් ප්‍රතිදේහජනක පරීක්‍ෂණයක් කර ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය සතුව පවතින බවත් ඔහු පැවසීය. වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයේ ප්‍රතිඵල පැය භාගයක් වැනි කෙටි කාලයකදී දැනගත හැකිය. රට පුරා පිහිටුවා ඇති රසායනාගාර 26කට අධික සංඛ්‍යාවක කොවිඩ් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ පහසුකම් ඇති PCR පරීක්ෂණ පවතින බව ඔහු පැවසීය. Covid-19 BA5 වෛරසයේ නව…
අද (03) සවස පොලීසිය විසින් ගාලුමුවදොර විරෝධතා ස්ථානයේ රැඳීසිටින විරෝධතාකරුවන්ට දැනුම්දීමක් සිදුකර තිබේ. උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් ඒ අනුව වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස දැනුම්දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.40 ට ආරම්භවීමට නියමිතය. අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට ඔහු සහභාගීවන බවටයි මාධ්‍ය වාර්තා වල ප්‍රකාශ වූයේ. ඊයේ දිනයේ පැවති මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. මීට දින කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා. කියවීමට හා බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළේ, අගෝස්තු 9 වනදා පැවැත්වීමට නියමිත කිසිදු විරෝධතාවක් SJB සංවිධානය කර නොමැති බවයි. SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය සතියේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ආණ්ඩුව පලවා හැරීම සඳහා අගෝස්තු 9 වැනි දා දැවැන්ත විරෝධතාවයකට සූදානම් වන ලෙසයි. “අගෝස්‌තු 9 වැනිදා උද්ඝෝෂණයක් ගැන මහජනතාවට ප්‍රකාශ කළ බව සරත් මට කීවා, නමුත් පක්‍ෂයක් වශයෙන් අපි එවැනි විරෝධතාවක් ගැන තීරණය කර නෑ” මද්දුමබණ්ඩාර ඊයේ ප්‍රධාන පුවත් පතකට අදහස් දක්වමින් පැවසීය.
විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.49 ක් වන අතර, ගැනුම් මිල රු. 357.22 කි. ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලරයට සහ යුරෝවට සාපේක්ෂව රුපියල උච්චාවචනය වී ඇත. එය කුවේට් ඩිනාරයට සාපේක්ෂව ද අවප්‍රමාණය වී ඇත.