- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මෙම සති අන්තයේදී කිසිදු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසා සිටිනවා.
අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසියේ දැනුම් දීමට අනුව ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් කටයුතු කර තිබෙනවා. මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාගෝගම ජනතා පුස්තකාල කණ්ඩායම සඳහන් කළේ, ‘ගෝඨාගෝගම’ ජනතා පුස්තකාලය ‘අරගලයේ ජනතා පුස්තකාලය’ ලෙස නම් කරන බවයි.
සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න මහතා ඊයේ ඉල්ලා අස්වීම හේතුවෙන් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ. පසද යාපා අබේවර්ධන මහතා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා ද වේ.
ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල කලින් දිනට සාපේක්ෂව අද (05) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව අද (05) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.12 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.53 ලෙස සටහන් විය.
කොත්මලේ පූඩලුඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාර්තා වන අන්දමට අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 14 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. මේ වනවිට පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ගයෙන් ලිස්සා ගොස් මෙලෙස අඩි 80ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී ගොස් තිබෙන බවටයි එතන සිටි බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ. අනතුරෙන් මියගොස් ඇත්තේ නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) සහය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තමන්ට LC විවෘත කිරීමට ඩොලර්, අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආධාර, බදු සහන සහ ණය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මේ අතර, කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අඟහරුවාදා (3) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ දේශීය ඇඟලුම් නිෂ්පාදන උපකරණ හෝ උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දීම සඳහා කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ගුණවර්ධන…
පෙරේදා (03) දිනයේ කොවිඩ් මරණ වාර්තා නොවූ අතර, ඊයේ (04) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 146 දෙනෙක් පමණයි. මොවුන් සියල්ලම දේශීයව හඳුනාගත්වූ ආසාදිතයින් වනවා. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 666,232 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,565 ක් දක්වා ඉහළ යනවා.
අන්තර්කාලීන අයවැය සම්බන්ධව අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එමගින් ජනතාවට සහන ලබාදීමට ඒ අනුව බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එසේම සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං…