- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත් පීරිස් මහතා ප්‍රකාශ කළේය. හඳුන්වා දී ඇති ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට වඩා අඩුවීමට ඉඩ ඇති බව වාර්තා වේ. මේ අතර, සාමාන්‍ය තේ කෝප්පයක සහ බත් පැකට්ටුවක මිල ද අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඉදිරි පැය 48 තුළ නව ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නඩත්තු කිරීම හේතුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම පැය 48ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්ධන බලපත්‍ර ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ ඉන්ධන සැපයීමට මෙම නඩත්තු කටයුතු බලපාන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන නිකුත් කිරීමේදී QR පද්ධතිය භාවිත කරන ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමුඛත්වය ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බ්‍රහස්පතින්දා CEYPETCO ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත. ජාතික ඉන්ධන බලපත්‍රයේ QR පද්ධතිය භාවිත කරන පිරවුම්හල්වලට පමණක් ඉන්ධන බෙදා හැරීමට තීරණය කර තිබෙනවා. QR පද්ධතිය අනුගමනය කිරීමේදී ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලද අතර ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. ඉදිරියේදී ඉන්ධන භාවිත කරන යන්ත්‍ර සූත්‍ර QR පද්ධතියට ඇතුළත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මේ යටතේ යන්ත්‍ර…
අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට වෙරළ තීරයේ තීබි සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන පරිදි මිය ගොස් ඇති පුද්ගලයා වයස අවු. 35 – 40ත් අතර පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනතෙක් හඳුනාගෙන නැති අතර වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
ජුලි 14 වනදා පොල්දූව වටරවුමේ පැවති විරෝධතාවයේදී ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට පහරදීම, පොදු දේපළවලට හානි කිරීම සහ සෙබළුන් දෙදෙනෙකුගේ ආයුධ සහ පතොරම් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා තිබේ. වැලිකඩ පොලිසිය සහ දකුණු කොට්ඨාශ අපරාධ කොට්ඨාශය මගින් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව, CCTV දර්ශන විශ්ලේෂණය කිරීමෙන්, විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මහජන සහය ලබා ගන්නා කිහිප දෙනෙකු හඳුනාගෙන තිබේ. එබැවින් මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් පහත සඳහන් දුරකථන අංක 071-8592209, 071-3064165, 011-2829388 සහ 1997 වෙත ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අරගලකරුවන් සහ වත්මන් තාරුණ්‍ය සමඟ පැහැදිලි බවකින් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වනවිට මුහුණ දීමට තිබෙන මුලික අභියෝගය වනුයේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම බව පැවසූ වික්‍රමසිංහ මහතා ආර්ථික සටන ජයග්‍රහණය සඳහා අරගල බිමේ සිටින සියලුම තරුණ තරුණියන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගාලු මූදූර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලනයට සහ ප‍්‍රචණ්ඩත්වයට තමන් දැඩිලෙස විරුද්ධ බවත්, මර්දනය උදෙසා කටයුතු කරන කොට්ඨාශයන් නවකවදය නවතා යහපත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්ම…
ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා. රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඒ අනුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි. මේ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය පහතින්,
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්වී තිබෙනවා. කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ඒ අනුව ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ගෝල්ෆේස් මහජන අරගලයට සහයෝගය දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව අරගල භූමියේ මෙහෙයුම් නැවත්වීමට තීරණය කර තිබෙනවා. කරුණු කාරණා එසේ වුවද තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් ජයග්‍රහණය කරන තුරු අරගලය පවත්වාගෙන යා යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙතුවක්කල් කටයුතු කළ පරිදි අනාගතයේදීත් එකමුතුවක් සහ කණ්ඩායමක් ලෙස මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඔවුන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හැර දැමීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කර තිබෙනවා. QR කේතය මඟින් ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණා. කෙසේ නමුත් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඔවුන් සඳහන් කළේ.