Author: Buzzer Editor

ලෝක ප්‍රකට ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කාලයක් මුළුල්ලේ පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය ඊයේ (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 1948 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ උපන් ඔලිවියා නිව්ටන් ජෝන් මියයන විට 73 වන වියේ පසුවිය. ඔලිවියා නිව්ටන් ජෝන් ට්‍රැවොල්ටා සමඟ රංගනයෙන් දායක වූ “Grease” නම් චිත්‍රපටය හරහා ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී සිටියා.

Read More

2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 2022 වසර සඳහා වන 2021 අංක 30 දරන විසර්ජන පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඒ අනුව උදෑසන සභා වාරයේදී සභාවට ඉදිරිපත් කෙරේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය බදාදා (10) සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ තෙදින කල් තැබීමේ විවාදය අද (09) සිට සභාව ආරම්භ වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා (03) නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරන අවස්ථාවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. විවාදය බදාදා (10) සහ සිකුරාදා (12) පැවැත්වේ. සභාව කල් තැබීමේ විවාදය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. පක්‍ෂ නායක රැස්වීමේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන විවාදයක් ඉල්ලන්නැයි විපක්‍ෂය ඉල්ලා සිටියේය. එය කථානායකවරයා විසින් සලකා බලන ලදී.

Read More

අගෝස්තු 3 වැනි දින ජනාධිපතිවරයා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත්තේ ස්ථාවරත්වය ගෙන ඒමට සහ රට මුහුණ දී සිටින වත්මන් අභියෝගවලින් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට සුදුසු පරිසරයක් සහතික කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපාය මාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පිළිගනු ලැබීය. නීතියේ ආධිපත්‍යයට සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම මෙන්ම මහජන අදහස් විමසීම ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිගැන්වීමේ වැදගත්කම ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය. මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් කාන්තා දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී…

Read More

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට නව ඉන්ධන පිරවුම්හල් ශාලා 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය අද ලැබී තිබෙනවා. ඒ අනුව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දී තිබෙනවා. අදාළ දැනුම්දීම පහතින්.

Read More

12.5Kg ගෑස් සිලින්ඩරය රුපියල් 246 කින් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා. එසේම 5Kg සිලින්ඩරය රුපියල් 99 කින් සහ 2.3Kg සිලින්ඩරය රුපියල් 45 කින් මිල අඩු කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළව නම් කරන ලද ‘මාසයේ ක්‍රීඩකයා’ ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර ඇත. වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවති තරඟාවලිය තුළ පළමු ඉනිමේදී ලකුණු 118 ට කඩුලු 6 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 59 කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා. එසේම පකිස්ථානයට එරෙහි තරඟාවලියේදීද ඔහු දස්කම් දැක්වීම හේතුවෙන් මෙලෙස ජුලි මාසයට අදාළව මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශවී තිබුණා.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය 03 වනදා පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Read More

සිකුරාදා අධික වර්ෂාපතනය හේතුවෙන් ‘Death Valley’ ජාතික වනෝද්‍යානයේ හදිසි ගංවතුර හේතුවෙන් මෝටර් රථ වැළලී පුද්ගලයින් 1,000 ක් පමණ අතරමං වූ බව නිලධාරීහු පවසති. කැලිෆෝනියා-නෙවාඩා ප්‍රාන්ත රේඛාව අසල පිහිටි උද්‍යානයේ වාහන 60 ක් පමණ සුන්බුන් අතර වැළලී ඇති අතර අමුත්තන් 500 ක් සහ කම්කරුවන් 500 ක් පමණ අතරමං විය.

Read More

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිනියේය. ඇය පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මල්ලවපොර සංගම් නිලධාරීන්ද ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ තිබිණි. 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්ව නියෝජනය කළ නෙත්මි අහිංසා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර නෙත්මි අහිංසා දිනාගත් පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම ලෙස වාර්තා අතරට එක්වෙයි.

Read More