- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
නීති විරෝධීලෙස එක්රැස් කර තිබූ ඩීසල් ලීටර් 19000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඩීසල් තොගය හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම ඩීසල් අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එවා බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසනවා. එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පවතින දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් මෙම සාකච්ඡාවේදී අවදානය යොමු කළ බවයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උත්තරීතර පාර්ලිමේන්තුව රකිමින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයට මහජන නියෝජිතයින්ද සිය වගකීම ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පසුගිය ජූලි 13 වැනි දින අරගලකරුවන් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය සිය ග්‍රහණයට ගැනීම සඳහා දියත් කළ විරෝධතාව මර්දනය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කළ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් අකුරේගොඩ යුදහමුදා මූලස්ථානයේ අද (09) පැවති ජනාධිපති ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට කටයුතු සුදානම් කරමින් යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.
කොළඹ නගරයේ, ටවුන්හෝල් ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු කරමින් පවතින ගොඩනැගිල්ලක් ආසන්නයේ ඉන්ධන පෝලිමක නවතා තිබූ කාර් රථයක් මතට යකඩ බටයක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් අදාළ රථයේ රියදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර වාහනයේ ඉදිරිපස වීදුරුවට දැඩි හානිවී තිබෙනවා.
වර්තමාන ගෑස් මිල අඩු කිරීමට අදාළව, දිස්ත්‍රික්ක අනුව එහි මිල වෙනස්වීම ලිට්‍රෝ සමාගම විසින් ලැයිස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කරන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ. අදාළ සම්පූර්ණ මිල ලැයිස්තුව පහතින්,
ජල ගාස්තුව සංශෝධනය කිරීම සඳහා වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිදුකල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය හා ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන පරිදි මිල සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්.
මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු කොන්ත්‍රාත්තුවෙන් ඝාතනය කිරීමට නියෝග කළැයි සැකපිට කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 20කට යුද හමුදාවෙන් පලාගිය සෙබළකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත. පසුගිය ජුනි 26 වැනිදා මිද්දෙණියේදී මෙම ඝාතනය සිදුව ඇත. අවමංගල්‍ය ශාලාවේ හිමිකරු වන ප්‍රතාභාත් මංජු උදෑසන තම වෙළඳසැල විවෘත කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු ටී 56 තුවක්කුවකින් ඔහුට වෙඩි තබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ මිද්දෙණිය පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්‌ඩායම් කිහිපයක් අනාවරණය කරගෙන ඇත්තේ වෙඩික්‌කරු තංගල්ලේ සිට කුලියට ගත් වැගන් ආර් මෝටර් රථයකින් මෙම ප්‍රහාරයට පැමිණ ඇති…
ගෘහස්ථ (LP) ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. එම මිල සූත්‍රය පදනම් කර ගනිමින් සෑම මසකම 05 වනදා ඒ අනුව ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එම කැබිනට් තීරණය පහතින්,
අගෝස්තු (10) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා.