Author: Buzzer Editor

සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලබාදෙන දිරිගැන්වීම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ සේවය කරන දුරස්ථ සේවකයන්ටද දීර්ඝ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා යෝජනා කර තිබේ. මෙම සැලැස්මට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව ඔහු පැවසීය. “ඇමරිකානු ඩොලර් වැටුපක් ලබමින් ශ්‍රී ලංකාවෙන් අක්වෙරළ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ සමාගම්වල සේවය කරන සේවකයින් සඳහා EV කාර් ආනයනය කිරීමේ බලපත්‍රයක් වැනි යෝජිත දිරිගැන්වීම් දීර්ඝ කළ හැකිද යන්න විමසීමට මම ජනාධිපතිවරයා සමඟ කතා කළ අතර ඔහු ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය. ” යැයි අමාත්‍යවරයා ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. විදේශීය ආයතන සඳහා වැඩ කරන සහ ඩොලර් මගින් ආදායමක් ලබන මෘදුකාංග…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසා සිටිනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read More

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කෙලෙයිහ් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ අනුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසයි. MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ Facebook ගිණුමේ පළකර තිබුණා.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට දින නියම කර තිබෙනවා. එම විවාදය එළඹෙන අගෝස්තු 30,31 සහ සැප්තැම්බර් 1,2 යන දිනවල පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමටයි ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙන්නේ. එසේම විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලිබිල් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

Read More

ඊයේ (10) යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝගාත්මක කාලසීමාවේදී යුරෝපා සංගමය ඒ අනුව ශ්‍රී ලංකාවේ හවුකරුවෙකු ලෙස කටයුතු කරන බව එහිදී තානාපතිවරු ජනපතිවරයාට දැනුම්දී තිබෙනවා. එසේම සිවිල් මානව හිමිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස වැදගත් වන බව තානාපතිවරුන් පෙන්වාදී ඇති අතර GSP ප්ලස්, IMF හා මානව හිමිකම් කවුන්සිලයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ක්‍රියාවලීන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද තානාපතිරුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබෙනවා. එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර තිබෙනවා.

Read More

හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් එහි සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිණි පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් මේ පෙත්සම ගොනු කර තිබුණා.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලාත්මක කිරීම සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කරමින් මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

Read More

පෙරේදා (08) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (09) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 214 දෙනෙක් පමණයි. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 667,158 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,581 ක් දක්වා ඉහළ යනවා.

Read More