- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
අද (16) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛය දැඩිව පිළිපදින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන්, ආයතනික මණ්ඩල සහ රජය සතු වෙළඳ ආයතන වෙත මෙම තොරතුරු දැනුම් දී ඇත. රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ආධාරයක් ලෙස රජයේ වියදම් සීමා කිරීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගෙන තිබේ. රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි බදු දීමට පෙර හෝ නව බදු හෝ බදු ගිවිසුම්වලට එළැඹීමට පෙර නැවත දැනුම් දෙන තුරු සහ රජයේ අවශ්‍යතා සඳහා වාහන…
අද (15) දිනයේ යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා. සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ. ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක සිරදඬුවමක් විඳිමින් සිටින නළුවෙකු වන දේශපාලනඥයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ (අගෝස්තු 13) ජනාධිපති සමාවට අදාළ ලියවිල්ලකට අත්සන් තැබීය. ඒ බව ඔහුගේ නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා තහවුරු කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ලේඛනයට අත්සන් තැබූ බව ඔහු පැවසීය. එම දිවුරුම් ප්‍රකාශයේ පිටපත් ඉදිරියේදී ජනාධිපතිවරයා, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව ඔහු පැවසීය. රාමනායක නිදහස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ඉන් පසුවය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අගෝස්තු මස මුලදී ප්‍රකාශ කළේ රාමනායක ප්‍රථමයෙන් තමාට එල්ල වී ඇති…
බලපත්‍ර නොමැතිව ඩීසල් තොග ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැකිරාව සහ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. කැකිරාව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත කැකිරාව යක්කල පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඩීසල් ලීටර් 400ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 32 හැවිරිදි ගොඩවෙල, නිහිළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඒ අනුව දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කළ බවත් ඒ හරහා ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබුණු බවත් එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි යන්න සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන බවයි අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දිවයිනට පැමිණි බොරතෙල් ගොඩබෑමෙන් අනතුරුව පිරිපහදුවේ කටයුතු ඒ අනුව ආරම්භ කිරීමටයි මෙලෙස සැලසුම් කර තිබෙන්නේ. බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ අතර ඊට අමතරව ලබන 23 සහ 29 යන දින අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබී ඇති හෙයින් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා එම නෞකාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරන බව හාබර් මාස්ටර් දන්වා ඇති බව එම වාර්තාවේ සඳහන්.
සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. ඒ් අනුව ඔහු තායිලන්තයට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් BBC සිංහල සේවය වාර්තා කර තිබුණා. දිගින් දිගටම එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණු අතර පසුව ඔහු ඊයේ (11) දිනයේ තායිලන්තයට පැමිණියා. එම ඡායාරූප පහතින්.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ හැකි ආකාරයට නියාමනය කිරීම සඳහා මෝටර් රථ ආඥාපනත සංශෝධනය කරන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය. පවතින මෝටර් රථ ආඥාපනත පනතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන ලියාපදිංචි කිරීමට අවසර ඇති නමුත් විදුළි වාහන ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට විද්‍යුත් මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ආනයනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර වාණිජ බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයින්ට තම පවුල් අවශ්‍යතා සඳහා විද්‍යුත්…