Author: Buzzer Editor

සුනඛයෙකුට වධ හිංසා පමුණුවා මරා දමා ඔහු කළ ක්‍රියාවක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත ප්‍රචාරය කළ තරුණයෙකු කයිට්ස් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම තරුණයා (21) පෙරේදා යාපනයේදී කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Read More

තෙල් සහ ගෑස් මිල තීරණය කිරීම සඳහා නව මිල සූත්‍රයක් ඇති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩි වීම අනුව අදාළ වාසිය පාරිභෝගිකයාට හිමිවන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඛනිජ තෙල් අමාත්‍යාංශය මගින් මිල සංශෝධන සිදු කරන බවයි. මිල සූත්‍රයට අනුව තෙල් මිල සංශෝධනය සඳුදා (15) සිදුකිරීමට නියමිතව තිබුණත් ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නැත.

Read More

විදේශගතව සේවය කරන තම බිරිද නිවසට නොපැමිණියේ නම් පස් හැවිරිදි පුත්‍රයාගේ ගෙලෙහි පිහියක් තබා ඝාතනය කරන බවට වීඩියෝ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අගෝස්තු 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඔහු ඉරිදා කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මේ වනවිට දරුවා මිත්තණිය ළඟ පදිංචිව සිටින බවයි පොලිසිය අධිකරණයට වාර්තා කළේ. සම්පූර්ණ පරිවාස වාර්තාවක් අගෝස්තු 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරුණා. සැකකරු මීට පෙර තමන් විසින් සාදන ලද වීඩියෝ පටය තම බිරිඳට සහ ඇය විදේශගත කළ රැකියා ඒජන්සියට WhatsApp හරහා යවා ඇත. පසුව කුලියාපිටිය පොලිසියේ ළමා හා…

Read More

මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Read More

අද (16) පෙරවරුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. අදාළ ගෑස් තොගය මේ වනවිට ලාෆ්ස් පර්යන්තය වෙත ගොඩබා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ. ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්ධන බලපත්‍ර කේතය පිරික්සුම් ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. අදාළ පිරික්සුම් කාර්යය සිදු කිරීමේ දී හටගැනෙන ගැටලු හා ඒවා විසඳා ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකොට සිටීම පිළිබඳව විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයක් මත පිරවුම්හල් වල ඉන්ධන කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා සංවර්ධන නිලධාරීන් අනියුක්ත කොට තිබුණි. තම නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල කටයුතු…

Read More

රජය දේශීය තැපැල් ගාස්තු සහ සාමාන්‍ය ලිපියක් සඳහා තැපැල් ගාස්තුව රුපියල් 15 සිට රු. 50 දක්වා වැඩි කර ඇති බවට වාර්තා වනවා. ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට 60 දක්වා වැඩි කෙරේ. පුණ්‍යායතන සහ ස්වේච්ඡා සංවිධාන සඳහා සහන මිලට ලිපි තැපැල් කිරීමේ පහසුකම යටතේ ග්‍රෑම් 20 දක්වා බර ලිපියක තැපැල් ගාස්තුව රු. රුපියල් 12 සිට 30 දක්වා ඉහල දමා ඇත. කොළඹ මහනගර ප්‍රදේශය තුළ ලිපි භාරදීමේ තැපැල් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 30 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇත. විවෘත මුද්‍රිත ද්‍රව්‍ය පැකට් ලිපි සේවාවේ ගාස්තුව ද රුපියල් 12 සිට රුපියල් 30 දක්වා වැඩි කර ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි…

Read More

අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් – 5 (Yuan Wang-5) චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ අද උදෑසන පැමිණුනා. විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරයෙන් අනතුරුව මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ‍. මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා. කෙසේවෙතත් අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී ඇති අතර ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා…

Read More

පෙරේදා (14) දිනයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ (15) දිනයේ කොරෝනා ආසාදිතයන් 129 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,141 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,613 ක් දක්වා ඉහළ යනවා.

Read More

ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතා වලින් 40%ක් දේශියව මෙරට තුලම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා සිටිනවා. මේ සම්බන්ධයෙන් සොයා බලා එවැනි අඩුපාඩුවක් නොවන ආකාරයට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක් පත් කළ බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

Read More