- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) අනුපාතිකය 15.50% ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව ඒ අනුව පවත්වා ගෙන යාමටයි මහ බැංකුව තීරණය කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පැවත්වී තිබෙනවා. ප්‍රතිසංස්කරණ සඳහා එක ලෙසින් කැපවන බවට ඒ අනුව ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා එම නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,
පෙරේදා (16) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (17) දිනයේ කොරෝනා ආසාදිතයන් 161 ක් වාර්තා වී තිබුණා. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,497 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,624 ක් දක්වා ඉහළ යනවා.
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, 12.5KG ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800)5KG ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320)2KG ගෑස් – (නව මිල රු.928)
තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු තායිලන්තයේ ස්ථාන 17ක මෙලෙස පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. එම ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රුපියල් කෝටි 200 ක දැවැන්ත කප්පම් චෝදනාවලට මුහුණ දී සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළි ජැකලින් ෆර්නැන්ඩස් නම් කර ඇති බව NDTV වාර්තා කරයි. කප්පම් නඩුවේ මුදල් සෙවීමේ කටයුතු විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් දිල්ලි අධිකරණයට ගොනු කර ඇති පරිපූරක චෝදනා පත්‍රයේ මෙම නළුවා විත්තිකරුවෙකු ලෙස නම් කර ඇත. මීට පෙර, ED විසින් නළුවාට අයත් වත්කම් අනුයුක්ත කර ඇති අතර ඇයගෙන්ද ප්‍රශ්න කර තිබුණි. ඒජන්සිය අප්‍රේල් මාසයේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (PMLA) යටතේ නළුවාගේ රුපියල් කෝටි 7 වත්කම් තාවකාලිකව අනුයුක්ත කළේය. “සුකේෂ් චන්ද්‍රසේකර් ජැකලින් ෆර්නැන්ඩස්ට කප්පම් ගැනීම් ඇතුළු…
හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ශූර ජූලියන් බොලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද පැමිණියා. පසුගිය ජුලි මස 09 වනදා පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මොවුන් දෙදෙනාට සිතාසි නිකුත් කර තිබුණා. පසුගිය ජුලි මස 9 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනයක් සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකුගේ විදේශ ගමන් සීමා…
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා රැසක සභාපති ධුර බොහෝ දුරට විපක්ෂයට සහ සමගි ජන බලවේගයට හිමිවනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ප්‍රේමදාස පෙන්වා දුන්නේ එය ධනාත්මක ගුණාංගයක් බවයි. ඒ අනුව අදාළ කාරක සභා සියල්ලේම පාහේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රට ගොඩනැගීමට හෝ රටට සේවයක් කිරීමට අමාත්‍ය ධුර අවශ්‍ය නොවන බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. කාරක සභා යනු විපක්ෂයට රටේ සංවර්ධනයට දායක විය හැකි පුළුල් ක්‍රමවේදයකි. සමාජ ප්‍රතිසංස්කරණ හරහා සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා ගමන් කරන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී විපක්ෂ…
අද (17) වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම පටන් ගැනෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා. නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට ඒ අනුව මීල දී ගැනිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000ක් ඒ සඳහා වෙන්කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.
ඇ.ඩො මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අවසරය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටිනවා. මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා ඒ අනුව මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.