Author: Buzzer Editor

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” (Gold Route) විවෘත කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහායි මෙම “රන් මාවත” හඳුන්වා දී ඇත්තේ. ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා.

Read More

අද (19) මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තු සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක කාලගුණ අනාවැකිය පහතින්,

Read More

පාතාල කල්ලි නායක මාකිලංගමුවේ සංජීවට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ඉදිරි දෙසතිය තුළ තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය කල්පනා කරයි. පසුගිය දා කොළඹ, ගම්පහ සහ පෑලියගොඩ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටි අයෙකි. ඔහු ඩුබායි වෙත පළාගොස් එහි සිට සංවිධානාත්මක අපරාධ සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අපරාධකරුගේ වත්කම් විමර්ශනය කළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඔහුගේ වාහන, ඉඩම්, නිවාස ඇතුළු දේපළ ලැයිස්තුවක් හෙළි කළේය. කුප්‍රකට පාතාල නායකයින් 80 දෙනෙකුගේ පමණ වත්කම් තහනම් කිරීමට එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 32 දෙනෙකුට අයත් රුපියල් කෝටි 83ක වත්කම් මේ වන විටත් අත්හිටුවා…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ප්‍රතිපත්ති පැකේජයට කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයෙන් පසු ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමකට යොමුවිය යුතු බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රුපියල් මිලියන 205ක් වටිනා රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ කළ ගුවන් මගියෙකු සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයේ සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝ 9 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම තොගය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ අලුයම පැමිණීමේ පර්යන්තයේ දී රේගු භාරයට ගෙන ඇත. සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි. ඔහු ඩුබායි සිට උදෑසන 8.35 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරන ගුවන් යානයෙන් BIA වෙත පැමිණියේය. එසේම සැකකාරිය BIA තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කළ සීදූව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්. සැකකරුගේ ගමන් මල්ලේ රන් බිස්කට් 80 ක් සහ…

Read More

තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන්ට අගෝස්තු 15 වනදා සිට තැන්පත් කිරීමට/ විකිණීමට මාසයක පොදු සමා කාලයක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මහජනතාව සතුව පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100 යේ සිට රුපියල් 120 ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉන්ධන නිසි පරිදි ලබාදීම සහ නියාමන කටයුතු ආරම්භ වූ පසු ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු විය හැකි බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව පසුගිය කාලයේ පැවති විදේශ විනිමය දැඩි හිඟය යම්තාක් දුරකට සමනයවී ඇති බවත් ඉන්ධන, ගෑස් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවහ්‍ය විදේශ විනිමය සොයා ගැනීමට හැකිවී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ. කෙටි කාලීන ණය පහසුකම් නොමැති වුවද රටේ මූලික අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ හැකිවී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් (STF) අඟහරුවාදා (16) සවස බන්ධනාගාර පිවිසුම් මුරපොළේදී කාන්තා ජේලර්වරියක් සන්තකයේ තබාගෙන පෙති කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව STF පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඇය සන්තකයේ තිබී එම පෙති තොගය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලද අවස්ථාවේදී මුරපොළේ දී එම පෙති ගිල දැමීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් (කාන්තා) ඇතුලත්මුදලි (1929) ඇතුළු කණ්ඩායම විසින් සැකකරු පෙති ගිල දැමීම වැළැක්වීමට සමත් වී ඇය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට අනුයුක්තව සේවය කරයි. ප්‍රශ්න කිරීමේදී සැකකාරිය…

Read More

අද (18) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් සඳහා කාළගුණ අනාවැකිය පහතින්,

Read More