Author: Buzzer Editor

පෙරේදා (18) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (19) දිනයේ කොරෝනා ආසාදිතයන් 164 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,827 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,646 ක් දක්වා ඉහළ යනවා.

Read More

බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

Read More

අද (19) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

Read More

අලුතින් තිරගත වූ ද ගේම් (The Game) චිත්‍රපටයේ විශේෂ දර්ශනයකට සහභාගී වීමට බන්ධනාගාර බලධාරීන් අවසර දීමෙන් පසු රංගන ශිල්පී රන්ජන් රාමනායක කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාව වෙත රැගෙන ආවේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආසියා-පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලය (UNDCO) ඩේවිඩ් මැක්ලච්ලන්-කාර්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් සහ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ කණ්ඩායම් නායක සහ උපායමාර්ගික සැලසුම් නිලධාරී ඇන්ඩ්‍රියාස් කාර්පති ඇතුළත් විය.

Read More

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අයදුම්කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා කාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…

Read More

හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. මීට අමතරව එම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජුනි මාසයේදී හදිසි මානුෂීය ආධාර සඳහා ඩොලර් මිලියන 50 ක් ලබාදුන් අතර ඊට අමතරව ආහාර සහ සෞඛ්‍ය සැපයුම් වේගවත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More

ආයුධ රහිත සාමුහික සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටිනවා. පසුගිය මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ එවක අගමැතිවරයාද මේ ආකාරයෙන්ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන් බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත්කරන බවයි ඔහු තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ සටහන පහතින්,

Read More

පෙරේදා දිනයේ (17) කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ (18) කොරෝනා ආසාදිතයන් 166 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,663 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,629 ක් දක්වා ඉහළ යනවා.

Read More