Author: Buzzer Editor

රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. අනෙකුත් රටවල් ජයග්‍රහණය සමඟ ඉදිරියට ගමන් කිරීමටත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව, එක්ව වැඩ නොකිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Read More

ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත සැලැසුම්වලට විරෝධය පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව මීට පෙර දැනුවත් කර ඇති බවයි. ඔවුන්ගේ විරෝධය පළ කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත්, ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.

Read More

අද (21) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක් සිදුව තිබෙනවා. උසස් පෙළ උපකාරක පංති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. අද අලුයම 2.30 ට පමණ මධ්‍යම අධිවේගි මාර්ගයේ නාගලගමුව සහ දංබොක්ක ප්‍රදේශයේ 69.2 කිලෝමීටර් කණුව අසල දී තෙල් බවුසරයක් සහ සුඛෝපභෝගි ජීප් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මකවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ වනවිට ගොඩබාමින් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,

Read More

පෙරේදා (19) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 140 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,967 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,650 ක් දක්වා ඉහළ යනවා.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් දුලාංජලී ප්‍රේමදාස කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ තමා අගමැති නිවස අසල සිටි බවත්, ගිනි තැබීම පිළිබඳව සිදුවන පරීක්ෂණ සඳහා සහය වීමට ප්‍රකාශයක් ලබාදෙන ලෙස රහස් පොලිසිය තමාගෙන් ඉල්ලා සිටි බවයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන 20 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. බිනුර ප්‍රනාන්දුට සහ කසුන් රාජිත ආබාධයකට ලක් වීම නිසා අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් හට ආසියානු කුසාලනය සඳහා අවස්ථාවක් හිමිව තිබේ. තරඟාවලිය අගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම සංචිතය පහතින්,

Read More

සියලුම පළාත් ආවරණය වන පරිදි ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. NTC අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා පැවසුවේ, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට සකස් කර ඇති අතර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. පසුව එය නීති කෙටුම්පත් අංශය වෙත යොමු කෙරේ. මීට පෙර ඉදිරිපත් කළ අයවැයේදී ත්‍රිරෝද රථ නියාමනය සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට යෝජනා කළ බව ඔහු පැවසීය. ත්‍රිරෝද රථ නියාමනය, ත්‍රිරෝද රථ නියාමනය, උපදෙස්…

Read More

ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වා ගැනීමට ත්‍රිවිධ හමුදා කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්,

Read More

හෙළ සාහිත්‍යයේ විශිෂ්ටතම යුගය කෝට්ටේ යුගයයි.මෙම යුගයේ ඇති විශිෂ්ට බව හේතුවෙන් මෙම යුගය “සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය” ලෙස හඳුන්වයි.කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයේ විශාල පෙරලියක් ඇති විය.එනම් මෙම යුගයේ දී ගද්‍ය සාහිත්‍යයේ පිරිහීම හා පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.ඒ ආකාරයට මෙම යුගයේ දී පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.තව ද මීට අමතරව මෙම යුගයේ දී සිවුපද කාව්‍යට ප්‍රියතාවයක් දැක්වීම , විරුද කවියෙහි ආරම්භය , සන්දේශ රචනයට නැඹුරු වීම යනාදිය ද මේ යුගයෙහි සාහිත්‍යකරණයේ දී සිදු වූ වෙනස්කම් වේ.තව ද මෙම යුගයේ දී සාහිත්‍යාංග කිහිපයක් ද මෙම යුගයේ බිහි වී ඇත.එනම්, සිලෝ කාව්‍යප්‍රශස්ති කාව්‍යකථා කාව්‍යකෝෂ කාව්‍ය කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයෙහි දැකගත හැකි…

Read More