- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
අලුතින් පත්කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ට කැබිනට් අමාත්‍යවරයකුට හිමි බලතල හා සමාන බලතල පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ද කැබිනට් රැස්වීම්වලට සහභාගි වනු ඇත. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා පත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද හඳුනාගෙන තිබෙනවා. මුළු පාර්ලිමේන්තුවම රජයක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ අදහසට අනුව අධීක්ෂණ කාරක සභා සහ ජාතික සභාව ක්‍රියාත්මක කෙරෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර තරුණ නියෝජිතයින් පස් දෙනෙකු අධීක්ෂණ කාරක සභා සඳහා සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ. එවැනි කමිටු සඳහා තරුණ තරුණියන් සහභාගී වන පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත.…
මාවනැල්ල උතුවන්කන්ද, උතුවන්කන්ද සරදියෙල් පර්වතය තරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් එම පර්වතය මුදුනෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාවනැල්ල පොලිසිය පැවසුවේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සිසුවියක් වන අතර ඇය සහකාර කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කර ඇති බවයි. ඊයේ පෙරවරුවේ මියගිය සිසුන් ඇතුළු සිසුන් 60 දෙනෙකු පමණ සරදියෙල් පර්වතය නැරඹීමට පැමිණ ඇති බව පොලිසිය පවසයි. පසුව ඔවුන් උතුවන්කන්දේ සිට කන්ද තරණය කර ඇති අතර ගල මුදුනේදී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම සිසුවා උපාධිය ලබා ඇති නමුත් තවමත් එම විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වන බව ඔහු පැවසීය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාවනැල්ල මහ…
ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිලවශයෙන් අද (22) භාරගෙන තිබෙනවා. ඒ අනුව මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් අද කොළඹදී අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. මේ වන විට මෙට්‍රික් ටොන් 21,000 ක පොහොර තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
පෙරේදා (20) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදිතයන් 66 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,033 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,654 ක් දක්වා ඉහළ යනවා.
දිවයිනට පැමිණි Yuan Wang-5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පස්වරු 4.00 ට යළි චීනය බලා පිටත්ව යාමට නියමිත එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා. නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බව දැනුම්දීමත් සමඟ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව යළිත් අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණිමට අවසර ලබාදී තිබුණා.
වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවයි. අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බවත් පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් බවද ජනාධිපතිවරයා සඳහන් කළා. බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට කොරියානු භාෂා විභාගයට පෙනී සිටීම සඳහා අගෝස්තු 22 සිට 26 දක්වා අන්තර්ජාලය හරහා අයදුම්පත් නිකුත් කරනු ලැබේ. ධීවර අංශයේ රැකියා සඳහා කැමති අයට අයදුම්පත් ලබා ගත හැකිය. අයදුම්පත් ලබා ගැනීම සඳහා අනාගත රැකියා අපේක්ෂකයාගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර සහ අයදුම් පත්‍ර දැන් SLBFE වෙබ් අඩවිය හි ඇත – slbfe.lk
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය ඉදිරියේදී සිය කොමිසමට පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසනවා. වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ. ඒ අනුව මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා, රුපියල් 253 කින් ඉහළ දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2,030 ක තොගයක් සමග සැකකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම පෙට්‍රල් තොගය සොයාගෙන තිබෙනවා. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයසේ පසුවන කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.