- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් කෙටුම්පත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 සිට ඇති පනතක් බවත්, එහි ලිහිල් කොන්දේසි ඇති කර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල අද සිට අඩු කරන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලොකු ළූණු කිලෝවක් රු.180 ක්, ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු.194 ක්, පරිප්පු කිලෝවක් රු.460 ක් වන බවයි ලංකා සතොස සඳහන් කළේ. අදාළ භාණ්ඩ ලයිස්තුව පහතින්. ආනයනික පොන්නි සම්බා 1kg – රු. 194ක්පරිප්පු 1kg – රු. 460ක්දුඹුරු සීනි 1kg – රු 310ක්ආනයනික නාඩු හාල් – රු 198ක්හාල්මැස්සෝ 1kg – රු 1,375ක්ලොකු ළූණු – රු 180 ක්කඩල 1kg – රු 585 ක්සුදු සීනි 1kg – රු 298 ක්සුදුළුනු – රු 650 ක්වියළි මිරිස් – රු 1,690 ක්ආනයනික අල – රු 280ක්සුදු කැකුළු සහල් 1kg – රු.…
ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර මිල උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්ව තිබෙනවා. එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.
ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇති අතර මීට අමතර ව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමටද අවධානය යොමුව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. බාහිර ණය හිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ ණය ලබා ගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව තත්ත්වය කළමනාකරණය කළ හැකි බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහු පුහුණුවීම් අතරතුරදී මුහුණ දුන් වම් පාදයේ ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුට මෙම තරඟාවලිය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ අනුව ඔහු වෙනුවට එළඹෙන 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. මේ අතර, සංචිතයට නම් කර ඇති දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර…
ජුලි මාසයේදී උද්ධමනය 66.7% ක් දක්වා ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ජූලි මාසයේ දී 52.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු කළ යුතුව තිබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට භූමිතෙල් අලෙවි කිරීම බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව නව මිල ගණන් පිරිවැයට සමපාත වී ඇති බවත් භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ Twitter පණිවිඩය පහතින්.
එක්සත් ජනපදයේ රෝග පාලන ආයතනය වන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් Monkeypox පිළිබඳ නව අධ්‍යයනයකින් පෙනී යන්නේ නිතිපතා විෂබීජහරණය කළද වෛරසය දින කිහිපයක් බොහෝ සාමාන්‍ය ගෘහස්ථ වස්තූන් මත රැඳී සිටිය හැකි බවයි. කෙසේ වෙතත්, එය ආසාදනය පැතිර යා හැකිද යන්න තවමත් පැහැදිලි නැත. මෙම අධ්‍යයනය සඳහා, මන්කි පොක්ස් රෝගීන් දෙදෙනෙකු විසින් බෙදාගත් නිවසක් සාම්පලයක් ලෙස ලබා ගන්නා ලදී. ඔවුන් පැවසුවේ මතුපිට විෂබීජහරණය කර දිනකට කිහිප වතාවක් අත් සෝදාගෙන නිතිපතා ස්නානය කරන බවයි. CDC ට අනුව, පර්යේෂකයන් ඔවුන්ගේ රෝග ලක්ෂණ ආරම්භ වී දින 20 කට පසු ඉහළ සම්බන්ධතා ඇති ප්‍රදේශවලින් සියයට 70 ක වෛරසය සොයා ගත්හ. මෙම වෛරසය ඇඳ…