Author: Buzzer Editor

මාර්තු මස 31 වනදා සිට මැයි මස 15 වනදා දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරි සිද්ධීන් පිළිබඳ සෙවීම සඳහා පත් කළ කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා ඒ අනුව දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ සිද්ධින් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම කොමිසම පත් කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read More

දිවයිනට රැගෙන ආ තවත් සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් අද (24) දිනයේ ගොඩබෑමට නියමිතව තිබෙනවා. බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් ද ඊයේ (23) දිනයේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩයක් තබමින් සඳහන් කළා. මීට අමතරව ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read More

පෙරේදා (22) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (23) දිනයේ කොරෝනා ආසාදිතයන් 91 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,362 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,664 ක් දක්වා ඉහළ යනවා.

Read More

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන් සඳහා සහනාධාර පොලී පදනම මත ශිෂ්‍ය ණය පහසුකමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් අ.පො.ස.(උ/පෙළ) විභාගය සමත් වූවන් සඳහා වසර 2ක ආයතනික පුහුණුවක් සහ වසරක සීමාවාසික පුහුණුවක් සමඟ ගුරු පුහුණුව ලබා දේ. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණු කාලය තුළ ගුරු අභ්‍යාසලාභියෙකුට ලබාදෙන රු. 5000 ප්‍රමාණවත් නොවන අතර අධ්‍යාපන විද්‍යාල මෙම වසරක සීමාවාසික පුහුණුව සඳහා නවාතැන් ලබා නොදෙන බැවින් නවාතැන් සහ ගමන් වැනි සියලුම වියදම් අභ්‍යාසලාභීන් විසින් දැරිය යුතුය. දැනට ගෙවනු ලබන දීමනාවට අමතරව…

Read More

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ, තම එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමාගම සඳහන් කරන්නේ, තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ 29.18% ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවත් එම කොටස් වලට අමතරව ඉදිරියේදී තවත් 26% ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ චක්‍රලේඛය පහතින්,

Read More

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. QR ක්‍රමවේදය පිළිබඳව අද (23) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු කළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වාදීමට නියමිත බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ Twitter පණිවිඩය පහතින්.

Read More

පෙරේදා (21) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 103 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,136 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,660 ක් දක්වා ඉහළ යනවා.

Read More

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. පොල්දූව මංසන්ධියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වී තිබෙනවා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගියදා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම කාරක සභාවේ සභාපතිත්වයට පත්කර තිබෙනවා. මේ අනුව 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More