Author: Buzzer Editor

මීට වසර මිලියන 113 පෙර පෘථිවිය මත වාසය කර ඇති “Acrocanthosaurus” විශේෂයට අයත් ඩයිනෝසෝරයෙකුගේ පා සළකුණු රැසක් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්ථයේ පිහිටා ඇති ඩයිනොසෝර් නිම්න උද්‍යානයේ පවතින පැලුක්සි නම් ගංඟා පතුලෙන් සොයා ගෙන ඇති අතර, මේ දිනවල එම ප්‍රාන්ත කලාපයන්ට බලපා ඇති අධික නියඟය හේතුවෙන් ගංඟාවන් සිදී යාමත් සමඟ අඳාළ පා සටහන් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අණුව ලෝකයේ දිගම ඩයිනෝසෝර පා සළකුණු සහිත මාර්ග වලින් එකක් ලෙස සළකණු ලබන එම පා සළකුණු පිළිබඳව අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම් පවසනුයේ අඳාළ පා සළකුණු හිමි ඩයිනෝසෝරයා අඩි 15ක් පමණ උසකින් සහ ටොන් 7ක් පමණ බරින් යුත්ත වන්නට ඇති බවත්, ගමන්…

Read More

සිරගතවී සිටින රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ සඳහන් වන්නේ. අදාළ Twitter පණිවිඩය පහතින්.

Read More

ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. ලංකාවට ලබාදෙන අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදාහැරීම් සිදුකෙරෙන දින සහ නාමලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කරන බවද එහි සඳහන්.

Read More

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික…

Read More

බැංකු නිෂ්කාශන හේතුවෙන් ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවූ සුපර් ඩීසල් ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අද රාත්‍රියේ පැමිණෙන ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑම් කටයුතු හෙට ආරම්භ කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. සිදුවූ ප්‍රමාදය ම​ඟහරවා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්තයේ බෙදා හැරීම් කටයුතු අද රාත්‍රියේදීත් ක්‍රියාත්මක බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

රුසියාව වෙත යවන ලද තැපැල් භාණ්ඩ අද සිට යළි භාර ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න ඊයේ ප්‍රකාශ කළා. ගුවන් යානා ගැටලුව හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ පිළිගැනීම අත්හිටුවා තිබුණි.

Read More

අක්‍රියව පැවැති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳුදා දිනය වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කළේ. පසුගිය 15 වනදා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක්වූ අතර මේ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදු වුණා.

Read More

පෙරේදා (23) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (24) දිනයේ කොරෝනා ආසාදිතයන් 105 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,467 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,669 ක් දක්වා ඉහළ යනවා.

Read More

බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේ. ඒ අනුව ඉදිරියේදී නියමිත මිල සාදා දෙන බවට වෙළෙඳ අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියද දැනුවත් කරන බවට අමාත්‍යවරයා සඳහන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා අගෝස්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය ජූනි 5 වනදා තංගල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා. තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Read More