- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
Author: Buzzer Editor
පෙරේදා (25) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 58 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,639 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,679 ක් දක්වා ඉහළ යනවා.
නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.
අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.
සැප්තැම්බර් 1 වැනිදා සිට ප්‍රතිලාභීන්ට තම ලේඛන කටයුතු සිදු කර ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකි වන පරිදි කම්කරු දෙපාර්තමේන්තුව මාර්ගගත පහසුකම් දියත් කරනු ඇත. සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 1958 ක්ෂණික ඇමතුම් අංකය හෝ ‘appointment.labourdept.gov.lk’ වෙබ් පිටුව මේ සඳහා ලබා ගත හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. මීට පෙර නාරාහේන්පිට දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වූ ඔන්ලයින් පහසුකම දැන් පුළුල් කර, සේවක අර්ථසාධක අරමුදල (EPF) ප්‍රතිලාභීන් දිගු පෝලිම් හේතුවෙන් මුහුණ දෙන දුෂ්කරතාවලට විසඳුම් ලබා දෙමින් සැප්තැම්බර් 1 වැනිදා සිට කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික්, උප සහ ප්‍රාදේශීය කාර්යාලවල ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා…
සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා. මේ අතර “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙන් රන්ජන් රාමනායකගේ නිල Facebook ගිණුමේ අද සටහනක් තබා තිබෙනවා.
මේ වන විට රාජ්‍ය ඉදිකිරීම් 70% ක් පමණ අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පෙන්වා දෙන්නේ රජය විසින් ගෙවීමට ඇති මුදල් නොගෙවීම හේතුවෙන් සිය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි. මේ වන විට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමද සිහිනයක් වී ඇති බවත්, ඉදිරියේදී ඉදිකිරීම් කටයුතු සිදු කිරීමද සිතීමට නොහැකි බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පවසන්නේ. පවතින උද්ධමන තත්ත්වය හමුවේ ඉදිකිරීමක් ආරම්භ කරනවිට ඇස්තමේන්තු කරන මුදල ඉදිකිරීම අවසන් වන විට විශාල වශයෙන් වැඩිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් යොමු කර තිබෙනවා. තමා අනාගතයේදී විනිසුරුවරුන්ට හා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින බවයි අදාළ දිවුරුම් ප්‍රකාශය මඟින් ඔහු සඳහන් කර ඇත්තේ. මේ අතර රන්ජන් රාමනායක අද (25) හෝ සඳුදා දිනයේ නිදහස් වන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
2022 වර්ෂය ආරම්භයත් සමග සැකකරුවන් බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බන්ධනාගාර සංඛ්‍යාලේඛන අනුව විවිධ චෝදනා සම්බන්ධයෙන් එම තත්ත්වය මතුවී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරන්නේ. 2022.08.25 වන දිනට රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අනුව සිරකරුවන් 8,285ක් සහ සැකකරුවන් 14,381 වශයෙන් සියල්ල 22,666ක් බවයි ඔහු සඳහන් කළේ.