- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
Author: Buzzer Editor
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබාදීමට එකඟවී තිබුණද මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේගයේ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර තිබෙනවා. කෝප් සහ කෝපා කමිටුවලින් දුෂණ චංචා අනාවරණය කිරීම නිසා ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියවී ඇති බවත් ඒ හේතුවෙන් එම පක්ෂයටම සභාපති ධූරයට ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
පෙරේදා (26) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (27) දිනයේ කොරෝනා ආසාදිතයන් 54 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,693 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,685 ක් දක්වා ඉහළ යනවා.
ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ, එම අර්බුදයේ බලපෑම්වලට ලක්වූ ජනතාවට තිරසාර අත්වැලක් සැපයීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී සිටී. “අපේ රට මෙවැනි සමාජ-ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ආහාර, ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම සහ ජීවන වියදම අධික ලෙස ඉහළ යාම වැනි ගැටලු නිසා දිවයින පුරා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය. දෛනිකව වැටුප් උපයන්නන්ට මෙන්ම ස්වයං රැකියා හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල නිරත වන්නන්ට මෙම අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. COVID-19 මෙන්ම…
අවිධිමත් ලෙස විදේශ මුදල් ගනුදෙනු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙනවා. නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ කණ්ඩායමක් මේ සඳහා පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. එම කණ්ඩායම මඟින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ මුදල්වල මූලාශ්‍රය හෝ උපයාගත් ආකාරය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කිරීමට නියමිත අතර මහ බැංකු නිලධාරීන් සමඟ එක්ව විමර්ශන කටයුතු සිදු කිරීමටද නියමිත බවයි පොලීසිය ප්‍රකාශ කළේ. විදේශ විනිමය ලැබීම සැලකිය යුතු මට්ටමෙන් පහළගොස් ඇති අතර ඊට හේතුවී ඇත්තේ බැංකු පද්ධතියෙන් බැහැරව අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරුව බවයි සඳහන් වන්නේ.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත්කම් දැක්වීය. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් හා චාමික කරුණාරත්න ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව නොලැබීම විශේෂත්වයක්. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 11 වන පන්දුවාරයේදී කඩුලු…
ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එසේම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යෑම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිසංවිධානය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. වැරදි දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව හේතුවෙන් රාජ්‍ය ආයතන බොහෝමයක් පහතට වැටී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ට පෞද්ගලික අංශය තුළ සේවය කිරීමට හෝ පෞද්ගලික අංශය වෙත සේවය සඳහා බඳවාගනී යැයි තමා අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා. රාජ්‍ය ආයතන තුළත් කාර්ය සාධනය පාදක කරගත් වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු බව Twitter සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සමාලෝචනයකින් පසුව ඉදිරි දින 03 තුළදී අමතර ඉන්ධන තොග බෙදා හැරීම පිළිබඳව උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදා හැරීමේ අඩුපාඩු සහ පිරවුම්හල් විසින් ඉන්ධන සඳහා මුදල් ගෙවීම් ප්‍රමාද වීම නිසා මේ වන විට දිගු පෝළිම් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. නැවත ඇතිවෙමින් පවතින පෝළිම් ඉදිරි දින 02 තුළදී අවම වී යනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
ලෝක විවාහක රූ රැජිණ දිනු කැරොලයින් ජූරි පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුයේ ඇය පුෂ්පිකා ද සිල්වාට හිමි වූ ඔටුන්න ප්‍රසිද්ධියේම ගැලවීමේ සිදුවීම නිසාය. ඇය විසින් එම සිදුකල ක්‍රියාව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානය හා ගැනීමට සමත් උනා. මේ සියලු දේ පසෙකලා කැරොලයින් ජූරි නවතම ව්‍යාපාරික කටයුත්තකට අතගසා ඇත. ඇය “Confiance by Caroline J” නමින් රුපලාවන්‍යාගාරයක් ආරම්භ කොට තිබෙනවා.
15 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර මෙවර තරඟාවලිය විස්සයි විස්ස තරඟ රටාවෙන් පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද රාත්‍රියේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 01ක් පමණක් පවත්වා ඇති අතර ඉන් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.