- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
ආනයන සීමා කිරීම් නිසා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න පවා කිව නොහැකි බවයි. මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ වනවිට එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. ඒ අනුව හෙට (30) දිනයේ පැවැත්වීමට තිබූ මෙම වැඩසටහන නොවැළැක්විය හැකි හේතුවක් නිසා 31 වනදා පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායකවරයා අද (29) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා මෙම වැඩමුළුව සංවිධානය…
පෑලියගොඩ පොලිසිය විසින් පෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසළ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් කොකේන්, කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පොලිස් නිලධාරීන්ට යන්න දෙන්නට රුපියල් මිලියන 3ක් අල්ලස් දීමට උත්සාහ කර ඇත. කොකේන් කිලෝවක්, හෂීස් කිලෝ විසිහතරක් සහ කුෂ් කිලෝ අටක්, ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. පෑලියගොඩ පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත. පුද්ගලයන් කිහිප දෙනෙකු ත්‍රිරෝද රථයකින් භාණ්ඩ කිහිපයක් ජීප් රථයට පටවාගෙන එන අයුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ත්‍රිරෝද රථයේ තිබී කාඩ්බෝඩ් පෙට්ටි තුනක් සහ…
පාර්ලිමේන්තුව අද (29) පෙරවරු 9.30 ට බොහෝ මන්ත්‍රී පිරිසක සහභාගීත්වයෙන් ආරම්භ වුනි. අද දිනයේ විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව විදුලි බිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව අද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමද සිදු උනා. හෙට දිනයේ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිම මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පෙරේදා (27) දිනයේ කොවිඩ් මරණ 02 ක් වාර්තා වූ අතර, ඊයේ (28) දිනයේ කොරෝනා ආසාදිතයන් 56 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,749 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,687 ක් දක්වා ඉහළ යනවා.
ලක්ෂ 16ක් පමණ වු රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිඳු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයකට පත්ව ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා. රටේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට නිසි වගකීමක්, කාලවකවානු සහිතව ලබාදිය යුතු බවත්; දේශපාලඥයා, රාජ්‍ය සේවකයා සහ මහජනතාව කැපවීම් සිදුකළ හොත් රට ඉක්මනින් ගොඩගැනීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ලාංකේය සිනමාවේ ප්‍රවීණ කැමරා ශිල්පියෙකු වන ඩොනල්ඩ් කරුණාරත්න ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.