Author: Buzzer Editor

බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමි වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ. විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. අදාළ චක්‍රලේඛය පහතින්,

Read More

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ණය ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක මුදලක් අනුමත කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බවයි එම බැංකුව සඳහන් කරන්නේ. මේ මඟින් ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ට සහ ළමුන් සඳහා සහන සැලසීමට නියමිතයි.

Read More

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙසයි සැලකෙන්නේ. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට ජනතාවට රුපියල් 500 හෝ රුපියල් 2000 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අයෙකුට පෝළිම්වල නොසිට අවස්ථා කිහිපයකදීම කුළුණේ ඉහළට යා හැකි අතර, රුපියල් 500 ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් බවයි සඳහන් වන්නේ. විදේශීය සංචාරකයෙකු සඳහා ලබාදෙන ප්‍රවේශ පත්‍රයක වටිනාකම අමෙරිකානු ඩොලර් 20 ක් වනවා.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ පැවති 60.8% සිට අගෝස්තු මාසයේ උද්ධමනය 64.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

Read More

2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත කැඳවීම සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා. සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් සැප්තැම්බර් 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ. ඒ අනුව සිසුන් 42,519 කට වඩා වැඩි පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ. එසේම අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සමඟ 1919 ඔස්සේ සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

Read More

භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම සහ රැස් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩ 48 ක් මෙම ගැසට් නිවේදනය සඳහා ඇතුළත් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ. ඒ අනුව සත්ව ආහාර, බෝතල් කළ පානීය ජලය, ටින් මාළු, සිමෙන්ති, පරිප්පු, ළදරු නැපි හා සනීපාරක්ෂක තුවා, පොල්තෙල්, ලුණු, බිත්තර, පොහොර, කිරිපිටි, සහල්, වානේ, තිරිඟු පිටි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ 48 ක් සඳහා මෙලෙස කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා. අදාළ භාණ්ඩ සහ කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,

Read More

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම පෙට්‍රල් තොගය සාම්පල් පරීක්ෂාවෙන් පසු ඊයේ රාත්‍රී ගොඩබෑම ආරම්භ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

2022 අතුරු අයවැය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අදින් ආරම්භ උනා. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම සිදුවුනි. දෙවන වර කියවීමේ විවාදය සැප්තැම්බර් මස 02 වනදා පස්වරු 04.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2022 අතුරු අයවැය පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Read More