Author: Buzzer Editor

හෙට (03) උදෑසන 8.00 අනිද්දා (04) අලුයම 2.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read More

ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම සන්නාමයක් වන දීවා (DIVA), අද්විතීය රෙදි සේදුම් විසදුම් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතට ලබා දීමට වසර ගණනාවක් පුරාවට කැපවී සිටියි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ හද ගැස්ම හදුනන දීවා, නවීන තාක්‍ෂණය යොදා ගෙන නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර දීවා ෆ්‍රෙෂ් 3-in-1 හෙවත් දීවා ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය යනු එක් පිරිනැමීමකින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ තුනක් ලබා දෙමින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළකි. දීවා ෆ්‍රෙෂ් 3-in-1වල ඇති පර්ෆියුම් මැජික් මගින් දිගු කල් පවතින සුවඳක් ලබාදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සමගින් ඇඳුම් වඩාත් හොදින් පිරිසිදු කර එහි ඇති ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් ඇදුම් වලට දීප්තියක් ලබා දෙයි. සුවද වර්ග කිහිපයකින් සමන්විත දීවා ෆ්‍රෙෂ්…

Read More

ජීප් රථයක් මාදිවෙල ඉන්ධන පිරවුම්හලට කඩා වැදීමෙන් පොම්ප ක්‍රියාකරුට බරපතළ තුවාල සිදුවී ඇති අතර පිරවුම්හලේ තිබූ ත්‍රිරෝද රථයකට, යතුරුපැදි දෙකකට සහ පොම්පයකට බරපතළ අලාභ හානි සිදු විය. පොම්ප ක්‍රියාකරු කළුබෝවිල දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන්ධන පිරවුම්හලට ඇතුළු වීමත් සමඟ රියදුරු වාහනය තිරිංග පෑගීම වෙනුවට ඇක්සලරේටරය පෑගී ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් ඉන්ධන පිරවුම්හලේ කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා. සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කර ඇත. මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල ස.ජ.බ සංවිධායක ලක්ෂ්මන් දිසානායක පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. ඊයේ (1) පෙරවරු 8.25 ට පමණ කෑගල්ල නගරයේ කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ පක්ෂ කාර්යාලයේ උඩුමහලේ කාමරයේ තිබී කාන්තා මළ සිරුර සොයා ගෙන ඇත. මියගොස් ඇත්තේ කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචිව සිටි සකුන්තලා වීරසිංහ (38) නැමැති කාන්තාවකි. මළ සිරුර අසළ තිබී රිවෝල්වරයක් ද සොයාගෙන ඇත. කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මියගිය පුද්ගලයා වසර ගණනාවක සිට මෙම පක්ෂ කාර්යාලයේ සේවය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඇය දිනපතා සිය නිවසේ සිට කාර්යාලයට පයින්ම පැමිණ ඇති බව පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා…

Read More

පෙරේදා (31) දිනයේ කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර, ඊයේ (01) දිනයේ කොරෝනා ආසාදිතයන් 61 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,018 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,699 ක් දක්වා ඉහළ යනවා.

Read More

දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ. 2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවූ බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර…

Read More

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 2 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 38 ක්, Afif Hossain ලකුණු 39 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක්, චාමික කරුණාරත්න කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, මහේෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල…

Read More

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයින් සමඟ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආරම්භය අපහසු වුවද ඉදිරියට යාමේදී වර්ධනයක් ළඟා කරගත හැකි බවයි. එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අදහස් වෙනස් කරගත යුතු බවත් එමඟින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාමට වඩාත් පහසුවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වයට යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්…

Read More