Author: Buzzer Editor

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම්, ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍ය පහසුකම් පිළිබඳව මෙහිදී සමාලෝචනය කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම ඉදිරි මාස දෙකක කාලය සඳහා බොරතෙල් පිරිපහදු අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Read More

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වන තරඟයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ඝනිස්ථානයට ආරාධනා කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 84 ක්, Ibrahim Zadran ලකුණු 40 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂන්ක කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ සහ අසිත…

Read More

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඒ.ආර්.දිනේන්ද්‍ර රුපියල් මිලියන 15ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ ඊයේ නියෝග කළේය. ඒ, රජයට ගෙවිය යුතු රුපියල් 1,678,795,049.00 ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවකට අදාළවයි. ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකුට මීළඟ කැඳවන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව රජයට ගෙවිය යුතු බදු රුපියල් බිලියන 6කට වඩා වංචා කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තවත් නඩු දෙකක් පවරා තිබුණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවේ සඳහන් වූයේ වැලිසර මීගමුව පාරේ අංක…

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතාවලට හා ණය බර ලිහිල් කිරිම සඳහා සහාය දැක්වීමට අඛණ්ඩව ක්‍රියාකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා අදාළ රටවල් සහ මූල්‍ය ආයතනයන් සමඟ කටයුතු කිරීමට සුදානම් බවත් චීනය අවධාරණය කර තිබෙනවා. චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ 156 වන සංවත්සරය අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. 1866 සැප්තැම්බර් 03 වනදා බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා පොලීසිය මෙරට ආරම්භ කළා. පොලිසියේ සංවත්සරයට ගෞරවයක් ලෙස අද සිට ලබන 10 වැනිදා දක්වා මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ලබන 5 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව, ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ VAS අමතර සේවා ගාස්තු 20% කින්ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින්ද ඉහළ දැමෙන බව සන්නිවේදන සමාගම් ඒකාබද්ධව නිවේදනය කර තිබෙනවා. මේ සම්බන්ධව එම සමාගම් විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

Read More

2022 ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් අද (03) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය තරග පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට අහිමිරි පරාජයකට මුහුණ දීමට සිදුවූ අතර ඇෆ්ගනිස්ථානයට කඩුළු 08ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රීයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සිංගප්පුරුව ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ රාත්‍රී 11.30ට පමණ නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

Read More

අද (03) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ, බස්නාහිර සහ සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්…

Read More

වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read More