- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මිළ ගණන් යටතේ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල වැඩි වූ ඉන්ධන: මිල අඩු වූ ඉන්ධන: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මිළ ගණන් යටතේ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල වැඩි වූ ඉන්ධන: මිල අඩු වූ ඉන්ධන: ලංකා IOC සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බව එම සමාගම පවසනවා. ඒ අනුව සංශෝධනය…
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේදී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි. ඉම්රාන් සහ බිරිඳ ඔවුන්ට ලැබුණු ත්‍යාග භාණ්ඩ විකුණා ඇතැයි ද චෝදනා එල්ල වී ඇත. බුෂ්රා බිබී යනු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ තෙවැනි බිරිඳය. මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන්ට ඊයේ (30) තවත් වසර 10 ක සිර දඬුවමක් හිමිවිය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් පසුවය. ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිවි වූයේ 2022 වසරේ විපක්ෂය එක් වී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයකිනි. පසුගිය…
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පුද්ගල විශේෂතා වලින් තොරව, සෑම දෙනාටම පොදු නීතියක් යටතේ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන නව විධි විධාන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ අනාගතයේ පරිගණක, ජංගම දුරකතන ඇතුළු යන්ත්‍ර සූත්‍ර, මිනිස් මොළය හා සම්බන්ධ කිරීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නියුරෝලිනික්’ සමාගම මේ වනවිට විවිධාකාරයේ අත්හදා බැලීම් කරයි. මිනිස් මොළයට පරිගණක චිපයක් බද්ද කිරීම සඳහා ‘නියුරෝලින්ක්’ සමාගම, ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ ද අනුමැතිය ලබා ගෙන තිබේ. ඉලොන් මස්ක්ට අනුව, ‘නියුරෝලිනික්’ සමාගම මෙම චිපය නම් කර ඇත්තේ ‘ටෙලිපති’ යන නමිනි. චිපය නිර්මාණය කර ඇත්තේ අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි හරහා සමඟ විද්‍යුත් උපාංග පරිහරණය කිරීමට හැකි වන අයුරිනි.…
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස වසරක සිරදඬුවම් නියම වූයේ විශේෂ අධිකරණයක් හමුවේ එම චෝදනා විභාග කෙරුණු අවස්ථාවේදීය. ඉම්රාන් ඛාන්, මේ වනවිටත් බන්ධනාගාරගතව සිටී. ඒ, තවත් දූෂණ චෝදනා කීපයකට වරදකාරු වීමෙනි. ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2022 වසරේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයකිනි. විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රික ලියවිලි ආපසු බාර නොදීම සම්බන්ධයෙන් ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු වරදකරු වූයේ එම චෝදනාවලටය. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ, තවත් දූෂණ චෝදනාවලට…
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත. විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි. ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. (CNN) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
2023 වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය 2022 වසරේ වාර්තා වූ අගය අගය හා සසඳන විට 0.39%ක පහත වැටීමක් පෙන්වන අතර සේවා අපනයනවල ඇස්තමේන්තුගත වර්ධනය 63% ක් බවයි සඳහන් වන්නේ. 2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 947.5 දක්වා, 11.25% කින් අඩුවී ඇති බවද සඳහන්. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ 75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ වර්ධනය සහ නව්‍යකරණය සඳහා AMW EPIC ටයර් හි කැපවීම විදහා දක්වන ලදී. ඩුබායි හි පිහිටි Al Futtaim සමූහ ව්‍යාපාරයේ කොටසක් වන AMW Epic ටයර්ස් ගුණාත්මක බව, කල්පැවැත්ම සහ විශ්වසනීයත්වය යන සියලු ගුණාංගයන්ගේ සම්මිශ්‍රණයෙන් සමන්විත වේ. AMW Epic ටයර්ස්, එහි විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් කළ අඛණ්ඩ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. “ICC සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් නොවැම්බර් මාසයේදී SLC අත්හිටුවන ලදී, විශේෂයෙන්, එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බව සහතික කිරීම. කමිටුව විසින් මණ්ඩලය අත්හිටුවීමේ සිට තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් සාමාජික වගකීම් කඩ නොකරන බවට සෑහීමකට පත්වේ” යැයි නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය ප්‍රකාශ කර සිටිනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
උපත ලැබීමෙන් පසු මාපියන්ගෙන් සොරකම් කර, වෙනත් පවුල් දෙකකට විකුණූ බව කියන නිවුන් සහෝදරියන් දෙදෙනකු වසර 19කට පසු නැවත හමුවීමේ පුවතක් ජෝරිජියාවෙන් වාර්තා වේ. මොවුන් දෙදෙනාට ඒකිනෙකා හමුවී ඇත්තේ ටික්ටොක් වීඩියෝවක් හරහා යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ. මේ සමඟ ජෝර්ජියාවේ ක්‍රියාත්මක ළමා ජාවාරම් පිළිබඳ තොරතුරු ද අනාවරණ කර ගැනීමට පොලිසියට හැකිවී ඇතැයි ද පැවැසෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.