- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
පෙරේදා (03) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (04) දිනයේ කොරෝනා ආසාදිතයන් 49 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,176 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,707 ක් දක්වා ඉහළ යනවා.
දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවයි. එමෙන්ම පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. අදාල දුරකථන සමාගම්වල නව ගාස්තු පහතින්,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
බංග්ලාදේශ පිතිකරු මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. එක්දින හා ටෙස්ට් තරග සදහා වැඩි අවධානයක් තමා යොමු කිරීමට සූදානම් බවයි ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. මුෂ්ෆිකර් රහීම් මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 102 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1,500 ක්. අදාළ Twitter පණිඩිඩය පහතින්,
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා. පසුගියදා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළ අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මාස 48 ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
මියන්මාරය වානිජ නගරයක් වන යැන්ගොන් හි වරායකදී සහල් ටොන් 1000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පිරිනමන බව රාජ්‍ය මියන්මාර පුවත් ඒජන්සිය සෙනසුරාදා වාර්තා කළේය. මධ්‍යම වාණිජ කටයුතු අමාත්‍ය U Aung Naing Oo සිකුරාදා භාරදීමේ උත්සවයට පැවසුවේ මෙම පරිත්‍යාගය මියන්මාර රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙන සහයෝගයේ සංකේතයක් බවයි. දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව ද පැවසීය. මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් මියන්මාර රජයට ස්තුතිය පළ කළ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජේ. ඇම් බණ්ඩාර, ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට මෙම පරිත්‍යාගය ප්‍රයෝජනවත් වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
2023 වසර සඳහා දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නොමිලේ පාසල් පෙළපොත් ලබා දෙනු ඇත. රජය විසින් ඒ සඳහා වෙන් කල මුදල රු. මිලියන 16,483 කි. පෙළපොත්වලින් සියයට 45ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පෙළපොත්වලින් සියයට පනස් පහක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කරන බව කුරුණෑගල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්. බාලසූරිය මහතා පැවසීය. ලබන 2023 වසර ආරම්භ වීමට පෙර සිසුන් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීම කඩිනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සිකුරාදා කුරුණෑගල පළාත් අධ්‍යාපන කාර්යාලයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් පාසල් ප්‍රධානීන්ගේ රැස්වීමකදී බාලසූරිය මහතා…
වක්‍ර බදු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. ඒ අනුව ව්‍යවසායකයන්ට ඉදිරියේදී 22% කට ආසන්න වක්‍ර බදු ගෙවීමට සිදුවන බවයි එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ. වක්‍ර බදුවලට වඩා සෘජු බදු සඳහා යම් ක්‍රමවේදයක් හඳුන්වාදෙනවා නම් එය සාපේක්ෂව විඳ දරාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදානම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබාදීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළ බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ. දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම සමාජය විසින් පිළිගෙන ඇති බ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. අදාළ නිවේදනය පහතින්,
පෙරේදා (02) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (03) දිනයේ කොරෝනා ආසාදිතයන් 50 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,127 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,703 ක් දක්වා ඉහළ යනවා.