- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
- තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
Author: Buzzer Editor
2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.19ට තරගය පැවැත්වීමට නියමිතයි. යොහාන් බ්ලේක්, ට්‍රේවෝන් බ්‍රොමෙල් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ද මෙම තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.
මෙරටට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා යොමු කළ ටෙන්ඩරයට එරෙහිව එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ එම ඉල්ලීම පිළිබඳව කතානායකවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි. විගණකාධිපතිවරයා විසින් ද මේ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවත් සභාපතිවරයා පවසා තිබුණා.
අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මේ අතර විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව මහීෂ් තීක්ෂණ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර වනිදු හසරංග 9 වන ස්ථානයේ පසුවනවා.
පෙරේදා (05) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයන් 33 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,251 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,712 ක් දක්වා ඉහළ යනවා.
ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ. මේ වනවිට දෛනිකව ඉන්ධනහල් වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහරින බවත් එය ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ නිවේදනය පහතින්,
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ බවයි සඳහන් වන්නේ. මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමද මෙම ඒකකයට පැවරෙන බවයි සඳහන් වන්නේ. රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපැවතීම හේතුවෙන් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය විසින් මෙම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජුනි මස 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබුණා. ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඉන්දියානු කණ්ඩායම සමඟ අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායි හිදී තරඟය ආරම්භවීමට නියමිතයි. ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ, අද තරඟය සඳහා අංක 3 පිතිකරු චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී…