- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
- තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
Author: Buzzer Editor
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒවා අනුමත වූ පසු ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ සඳහා තවත් කාලයක් ගතවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ මේ බව සඳහන් කර තිබෙනවා 1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රදානී ලෙස දෙවෙන එලිසබෙත් මහ රැජින කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. 96 වන වියේ පසුවූ ඇය වසර 70 ක කාලයක් එක්සත් රාජධානිය පාලනය කළා. 1952 දී ඇගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු ඇය සිහසුනට පත් වුණා.
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි. 2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබූ කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්‍රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී…
මෙරට විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක පවසනවා. ගල් අඟුරු තොග ප්‍රමාණවත් තරම් පවතී නම් දෙසැම්බර් මාසය දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි සභාපතිවරයා පවසා සිටින්නේ. පසුගිය 03 වනදා සිට පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ප්‍රකාශ කළත් එම කප්පාදුව සිදුනොකළ බවත්, ගල් අඟුරු ප්‍රමාණවත් තරම් ලැබුණහොත් ඉදිරියේ දී මෙම පැයක විදුලි කප්පාදුවත් අවශ්‍ය නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත වැඩි ඡන්ද 81කින් අද (08) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. එහිදී පනතට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබුණා. මෙම පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීම සඳහා පක්ෂ එකඟ වී තිබුණත්, පසුව අදාළ පනතට සංශෝධන එකතු කර තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදයක් ඉල්ලා සිටියා. ඒ අනුව පැවති විවාදයකින් අනතුරුව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් එළඹෙන සති අන්තයේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. එම දින 02ක තුළදී ඇය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
2022 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 5.6%කින් පහළ වැටී තිබෙනවා. ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සතුව නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,817ක් ලෙස පැවතියත්, එය අගෝස්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,716ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී සිදුවුණා. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට කටයුතු කළා. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහතින්,