- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
- තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
Author: Buzzer Editor
අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම සේවාව සැප්තැම්බර් 13 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. ඒ අනුව දුම්රිය ධාවනයට මසකට පෙර අදාල ආසන වෙන්කර ගැනීමට මගීන්ට හැකිවනු ඇති.
ගෙවී ගිය අගෝස්තු මාසය තුළදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 30 ක්, Fakhar Zaman හා Iftikhar Ahmed ලකුණු 13 ක්, Mohammad Rizwan ලකුණු 14 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු 3 ක් හා මහීෂ් තීක්ෂණ හා ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් බිඳ…
ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති බව වාර්තා වනවා. මෙම ණයට අමතරව ආසියා පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රධානයක් ද ලබාදීමට නියමිත බවත් සඳහන්. මෙම මුදල් මඟින් ආහාර, දිළිඳුකම සහ අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම අරමුණු වී තිබෙනවා.
නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පවසා සිටියේ අමාත්‍යවරුන් 20 දෙනාට පමණක් තනිවම කටයුතු කරගෙන යාමට අපහසු බැවින් මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඇති බවයි. අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,
සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එසේම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ. අඩුකළ හා නව මිල පහතින්, ආනයනික සුදු කැකුළු 1KG – රුපියල් 10 කින් (නව මිල 185)ආනයනික සුදු නාඩු 1KG – රුපියල් 04 කින් (නව මිල 194)රතු පරිප්පු 1KG – රුපියල් 31 කින් (නව මිල 429)සුදු සීනී 1KG – රුපියල් 19 කින් (නව මිල 279)හාල්මැස්සන් 1KG – රුපියල් 25 කින් (නව මිල…
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා. ඒ අනුව ඔහු වාර්තා කළ කාලය ලෙස දැක්වුනේ තප්පර 10.14 ක් ලෙසයි. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් හිමිකර ගත් අතර දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකරගෙන තිබුණා.
අභාවප්‍රාප්ත වූ එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි 2 ක නිහඬතාවක් පවත්වා තිබෙනවා. අග්‍රමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එය සිදුකර තිබෙනවා.
චීනය විසින් ශ්‍රී ලංකාව වෙත සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ආධාරයක් ලබාදී තිබෙනවා. ඒ අනුව අදාළ සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර තිබෙනවා. මෙම අවස්ථාවට චීන තානාපති Qi Zhenhong සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් එක්වී තිබෙනවා. චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දීමට නියමිතයි.