- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ශ්‍රී ලාංකිකයින්ට ඇතැම් විට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා. මෙම සෑම පියවරකදීම එක්සත් ජනපදය වැනි රටවල් එම දැඩි ප්‍රතිසංවිධානකරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාවට හුදෙකලාවීමට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය තවමත් සහාය නොදක්වා සිටීම කණගාටුදායක වන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් වැඩිදුරටත් සඳහන් කළා.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කිරීමත් සමඟයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක්, වනිදු හසරංග ලකුණු 36 ක් ධනංජය ද සිල්වා ලකුණු 28 හා…
පෙරේදා (10) කොවිඩ් ආසාදිත මරණ 01 ක් වාර්තා වී ඇති අතර ඊයේ (11)කොවිඩ් ආසාදිතයින් 36 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,444 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16,726 ක් වනවා.
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් මුදල් ඉල්ලා සිටියද එය ලබාදීමක් සිදු නොකරන බවයි. ගොවීන් චෝදනා කරන්නේ පෞද්ගලික සහල් මෝල් හිමියන් වී අඩු මුදලකට ගොවීන්ගෙන් මිලදී ගන්නා බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් (12) ආරම්භ වනවා. ඒ අනුව එම සැසිවාරය ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සැසිවාරය ඇමතීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරනමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද එක්ව සිටිනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා. 2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ. එසේම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී 78% ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව 2022 අපොස(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක්…
අරගලකරුවන් මර්දනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට අද (11) නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ස්වේච්ඡාවෙන් සහභාගී වන සිවිල් පුරවැසියන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, සමස්ත ජගත් ප්‍රජාවගේත් අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි වාර්තාවන්නේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් මෙය ලබාදෙන බවයි කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.
ආසියානු දැල්පන්දු ශූරතාව හය වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සමත් වුණා. අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සිංගප්පූරු කණ්ඩායමයි. තරඟයේ අවසන් ලකුණු පුවරුව 63-53 ක් ලෙස දැක්වුණු අතර මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව සිටීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තා.