Author: Buzzer Editor

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ. එසේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව මෙන්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති සේවකයින් සංඛ්‍යාව තුලනය කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්,

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශන ලබාදෙන Lazard ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඒ අනුව යම් එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවල අරමුණ බවයි අමාත්‍යවරයා අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට යොදාගැනීමට නියමිතයි. අදාළ කැබිනට් තීරණය පහතින්,

Read More

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එදින ජාතික ශෝක දිනයක් මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.

Read More

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අදාළ අනුකමිටුව සඳහා ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ඇතුළත් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා. අදාළ කැබිනට් තීරණය පහතින්,

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකියි.

Read More

මෙම වසරේ දෙවන පාසල් වාරය අද (13) ඇරඹෙනවා. රජයේ සහ රජයේ අනුමත සියළු පෞද්ගලික පාසැල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වෙනිදා සිට සතියක කෙටි නිවාඩුවක් ලබා දුන්නා.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

Read More

අද (12) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකස් කළ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් Nada Al-Nashif විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read More