- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
හිටපු ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන පාකිස්තාන ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්තවී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට ඔහු 66 වන වියේ පසු වුණා. ඔහු ටෙස්ට් තරග 64ක්, එක්දින තරග 139ක්, විස්සයි විස්ස තරඟ 28ක් සහ කාන්තා විස්සයි20 තරග 11ක විනිසුරු සහ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කර තිබෙනවා.
පෙරේදා (13) කොවිඩ් ආසාදිත මරණ 01 ක් වාර්තා වී ඇති අතර ඊයේ (14) කොවිඩ් ආසාදිතයින් 18 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,519 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16,735 ක් වනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වියහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වන බවත් එම නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා පවසනවා. ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම ණය පිළිබඳ විනිවිදභාවයක්, සියලුම ණය හිමියන්ට සමාන ලෙස සැළකීම හා ණය හිමියන් එක්කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍ය බවයි ඇය සඳහන් කරන්නේ. එසේම අදාළ රටවලින් ණය හිමියන් සමඟ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් අනෙකුත් සංවිධානත් සමග සමාන අන්දමින් කටයුතු කිරීමට දේශපාලන අභිලාෂයක්…
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු අද (15) සිට ආරම්භ කිරීමට නියමිතයි. 2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණා. මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරනවා. නෙළුම් කුළුණ ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසීමට හැකියාව පවතින බව වාර්තා වනවා.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා.
අසර්බයිජානියානු හමුදාවේ ප්‍රහාරයකින් ආර්මේනියානු භටයන් 45 දෙනෙකු මිය ගිය බව වාර්තා වන අතර, ජාතීන් දෙක අතර දේශසීමා ආතතීන් දිගටම පවතී. ආර්මේනියානු අගමැති Nikol Pashinyan පවසන පරිදි, දේශසීමා ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සොල්දාදුවන් 45 දෙනෙකු මිය ගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇත. ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙකම හිමිකම් කියන Nagorno-Karabakh පළාත මතභේදයට තුඩු දී ඇත. අගමැති Nikol Pashinyan ට අනුව, අසර්බයිජානියානු හමුදාව ආර්මේනියානු හමුදාවට කාලතුවක්කු සහ මෝටාර් මුදා හැරියේය. අසර්බයිජානය සහ ආර්මේනියාව Nagorno-Karabakh සම්බන්ධයෙන් දේශසීමා ආරවුල් ඇති කර ගෙන ඇත. මීට පෙර රුසියාවේ මැදිහත්වීම මත ප්‍රශ්ණ විසඳුනි. ආර්මේනියාවේ අගමැතිට අනුව, ආර්මේනියානුවන්ට එරෙහිව අසර්බයිජානයේ ම්ලේච්ඡ ක්‍රියා ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු යැයි…
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව නව විදුලි ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාට 0775687387 යන විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයෙන් මේ සඳහා සම්බන්ධවිය හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මෙවර 51 වන සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි. නව යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව,…
දැනට පවතින විදේශ විනිමය අර්බුදය සමනය වූ පසු ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සූදානම් බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඒ අනුව දැනට ක්‍රියාත්මක තහනම තාවකාලික පියවරක් බවත් එය ක්‍රමානුකූලව සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආනයන තහනම සමාලෝචනය කර අවශ්‍යතා මත අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ආනයන සහන ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.