Author: Buzzer Editor

සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන්, මගීන්ගේ ඉල්ලීම අනුව, නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව-බදුල්ල සහ බදුල්ල-කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන් අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, මෙය කණගාටුදායක තත්ත්වයක් බවයි. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා.

Read More

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට අද (15) සිට අවස්ථාව හිමි වනවා. ඒ අනුව ලබන 28 වනදා දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය 8.4% ක පසුබැසීමක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූරණය නිවේදනය පහතින්.

Read More

මහේල ජයවර්ධන උපදේශක පුහුණුකරුවෙකු ලෙස විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අතර 06 වනදා මහේල ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව තිබෙනවා.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදී තිබෙනවා. ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්‍ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා.

Read More

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වනදා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සැප්තැම්බර් 19 වන දා ජාතික ශෝක දිනයක් සහ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන්. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky රිය අනතුරකින් තුවාල ලැබීය. යුක්රේන මාධ්‍යවලට අනුව ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවේ. ජනාධිපති සෙලෙන්ස්කි, ආරක්ෂක කාර්ය මණ්ඩලය කැටුව, කියෙව් නගරය හරහා රථ පෙළපාලියක ගමන් කරමින් සිටියදී වේගවත් මෝටර් රථයක් ජනාධිපතිවරයාගේ මෝටර් රථය සමඟ ගැටී ඇත. වාර්තා වලට අනුව, මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කෙරීය. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කි පරීක්ෂා කර ඔහුගේ තුවාල සැලකිය යුතු නොවන ඒවා බව නිගමනය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සර්ජි නිකිෆෝරොව් පැවසීය.

Read More

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය බවට වූ චෝදනාවට තමා වැරදිකරු බව සක්විති රණසිංහ පිළිගෙන තිබෙනවා. ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අත්හිටුවමින් කොළඹ මහාධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඔහු සිරගත කිරීමක් සිදු නොකරන අතර අදාළ කාලය තුළ ඔහු එම වරද වැනි වරදක් සිදුකළහොත් අත්හිටවනු ලැබූ සිර දඩුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව මෙරට සංචාරක සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සමග ද්වීපාර්ශවික එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡාවක් පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධවීමට දෙරටේ තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

Read More