- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
- දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
- ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සුදානම්
- ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී තහවුරු වෙයි
- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
Author: Buzzer Editor
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට හේතුවක් නොමැති බව සිම්බාබ්වේ රජය අවධාරණය කර තිබේ. ජිනීවා හි සිම්බාබ්වේ නිත්‍ය නියෝජිත ස්ටුවර්ට් හැරල්ඩ් කොම්බර්බැක් ප්‍රකාශ කළේ කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි ඕනෑම පියවරකට තම රට ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් විරුද්ධ වන බවත්ය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව රටේ අභිමතය පරිදි සකස් කර නොමැති බවත්, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කවුන්සිලයේ කටයුතු සඳහා කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් ඔහු පෙන්වා දී තිබේ. වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාව පීඩාවට පත් කළ ගැටුම අවසන් වී ඇති බව සිම්බාබ්වේ නියෝජිතයා පෙන්වා දී තිබේ. අදාළ යෝජනාව සභාවේ න්‍යාය…
එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16) ප්‍රකාශයට පත් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර තිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ හා නායක දසුන් ශානක සංචිතයට ඇතුළත් කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිදු හසරංග, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා සංචිතයට නම් කර තිබෙනවා. ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ දී…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන ඔක්තෝබර් මස 14 වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(16) කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ, හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් ගොනුකළ පෙත්සමක් අද (16) සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඊයේ (15) දින රාත්‍රී කන්කසන්තුරය සිට පැමිණී නගරාන්තර දුම්රිය කොල්ලුපිටිය ආසන්නයේ පීලී පැනීමකට ලක්වී තිබෙනවා. ඒ හේතුවෙන් අද (16) දින උදෑසන කොළඹ කොටුව සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනයට සැලසුම් කර ඇත්තේ, පෙරවරු 06.50 ට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය සහ 08.30 ට බෙලිඅත්ත බලා ධාවනය දුම්රිය පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මුහුදුබඩ මාර්ගයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය වුව ද සුලු ප්‍රමාදයක් සහිතව ධාවනය වන අතර උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් ද මේ වන විට අවලංගු කර තිබෙනවා.
ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ (15) දිනයේ රුපියල් මිලියන 2 කට අධික ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව පළමු දිනයේ ආදායම 2,100,000 නෙළුම් කුලුන පෞද්ගලික සමාගම සඳහන් කළේ. ඊයේ දිනයේ නෙළුම් කුළුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වාත් නෙළුම් කුළුන නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම අද (16) ආරම්භ කර තිබෙනවා. එසේම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගය ගොඩබෑම හෙට (17) අවසන් කිරීමට නියමිතයි. තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් සඳහා අදාළ ගෙවීම් සිදු කිරීම් පසු නිදහස් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඊයේ (15) කොවිඩ් ආසාදිතයින් 22 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,519 ක් වනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වන අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා යන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ වනවා.
මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පවසනවා. ඒ අනුව කතානායකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ පසු ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවත් ඉන් පසු මාස දෙකක් තුළ අදාළ මුදල නොගෙවන්නේ නම් ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කරන ලෙස කතානායකවරයා දැනුම්දී ඇති බවයි ඔහු සඳහන් කළේ. මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.