- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කෙරෙන අතර එහි මූලික ප්‍රතිපත්තිවල විෂය ක්ෂේත්‍ර හය අතරින් පළමු ක්ෂේත්‍රය වන සෞඛ්‍ය හා නිරෝගීකම සමග ක්‍රීඩාව බද්ධ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනා අද පිළිගන්නා බව පවසන අමාත්‍යවරයා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා වසර 5ක් අවශ්‍ය වන අතර සම්පූර්ණ කිරීමට වසර 10ක් යන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
2022 වර්ෂයට අදාළ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසා සිටින්නේ 2022 වර්ෂයට නියමිත පාසැල් වාර සටහන සමඟ ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි.
කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම එන්නත් වැඩසටහන තුළ වයස අවුරුදු 20 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර් මාත්‍රාත්, වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාත් ලබාදී ඇති බවට තරවුරු කර ගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් ලබාදීමද සිදු කිරීමට නියමිතයි. මෙම සායන පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව පවතින අතර දිවයිනපුරා සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වාවැඩි විය හැකි බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන ඖෂධීය තුරු ලතා අතුරින් එක් වටිනා ශාකයක් ලෙස ඉරිවේරිය හැඳින්විය හැකිය. ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉරිවේරිය අඩංගු ඖෂධ යෝග රාශියක් දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ බහුලවම යෙදෙන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද බොහෝ රෝගාබාධ සඳහා යොදාගනු ලබනවා. මෙම පැළෑටියත් කප්පරවල්ලිය පැළෑටියත් බොහෝ සෙයින් සමානකම් දක්වන නමුත් ඉරිවේරිය පැළෑටියේ ආවේණික සුවඳත් දණ්ඩෙහි රත් පැහැයත් නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඉරිවේරිය පැළෑටියේ ඇති මනස්කාන්ත බව නිසා ගෙවතු අලංකරණය සඳහා වවාගත හැකි ශාකයක්. ඉරිවේරිය වැවෙන ප්‍රදේශ ගැන සලකා බලන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ පහතරට පෙදෙස්වල ඉතා සරුවට වැවෙන ශාකයක්. විශේෂයෙන් කුරුණෑගල,…
චීනයේ Changsha හි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය බව පැවසේ. මේ වන විට කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවද පැවසේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 100කට අධික පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි මහ කන්නයේදී හෙක්ටයාර දෙකහාමාරකට අඩුවෙන් වගා කරන ගොවීන් සඳහා යූරියා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ ගොවීන් සඳහා මෙය ලබාදීමට ඉලක්ක කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම සියලු ගොවීන්ට මෙම කන්නයේ නොමැති වුවද ඊළඟ කන්නයේ සිට හෝ පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාද වූ ප්‍රථම විධායක ජනාධිපති J. R. ජයවර්ධන මහතාගේ 116 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ. 1906 සැප්තැම්බර් 17 වැනිදා කොළඹ සේදවත්ත වලව්වේ උපත ලැබූ ජේ.ආර්. ජයවර්ධන හිටපු විනිසුරු සහ රජයේ අධිනීතිඥ ඊ.ඩබ්ලිව්.ජයවර්ධන සහ හෙලේනා ඇග්නස් විජේවර්ධනට දාව දරුවන් එකොළොස් දෙනෙකුගෙන් වැඩිමලා විය. J. R. ජයවර්ධන වෘත්තියෙන් නීතිඥයෙක්. 1943 පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි ඔහු 1947 මහ මැතිවරණයෙන් කැලණිය ආසනය ජයග්‍රහණය කර 1947 ආරම්භ වී වසර හතක් ප්‍රථම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ජයවර්ධන 1970 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර දකුණු කොළඹ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් විය. පසුව ඔහු…
අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ආධාර ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිවරිය පවසනවා. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමන බවයි සඳහන් වන්නේ. මෙම ආරාධය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බව වැඩිදුරටත් සඳහන් වන්නේ.
සූර්යයා ඇත්ත වශයෙන්ම කහ යැයි සිතන අයට එය එහි සැබෑ වර්ණය නොවේ යැයි අඟහරුවාදා, හිටපු NASA ගගනගාමී Scott Kelly මෙම අභ්‍යවකාශ කාරණය තහවුරු කළේය. සූර්යයාගේ සැබෑ වර්ණය ඇත්ත වශයෙන්ම සුදු වන අතර වාමන තාරකාව සාමාන්‍යයෙන් කහ පැහැයට හැරීමට හේතුව වන්නේ ආලෝකයේ භෞතික විද්‍යාවේ අමුතු සෙල්ලමක් නිසා සූර්යයා බොහෝ විට කහ පැහැයෙන් දිස් වේ. සූර්යාලෝකය අත්‍යවශ්‍යයෙන්ම සියලුම වර්ණ එකට මිශ්‍ර වී ඇති අතර එය අපගේ ඇස්වලට සුදු ලෙස පෙනේ. නමුත් මෙය පහසුවෙන් දැකගත හැක්කේ අභ්‍යවකාශයේ සිට ගන්නා පින්තූරවල පමණි. අපේ වායුගෝලය නිසා සූර්යයා කහ පැහැයෙන් දිස්වේ. නමුත් ඔබ පෘථිවි වායුගෝලයෙන් ඉවත් වූ පසු, සූර්යයා ඕනෑම තනි වර්ණයකට වඩා සුදු පැහැයක් ගනී.…