Author: Buzzer Editor

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (20) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

ආහාර සුරක්ෂිතතාව සහ ඖෂධ ඇතුළු වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර එක්රැස් කිරීමේ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කාර්යාලය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව www.undp.org/srilanka/donate වෙබ් අඩවිය මහඟින් ලොවපුරා සිටින ඕනෑම අයෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින බවත් අර්බුදයේ බලපෑම ආහාර සුරක්ෂිතතාව සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්‍රයකම විහිදී ඇති බවයි එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් පවසන්නේ. ශ්‍රී ලංකාවේ මිතුරන්ට මෙම අවස්ථාවේ රට වෙනුවෙන් එකතුවීමට ඇරයුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

විෂ සහිත සහල් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, එම සාම්පල දැනටමත් රජයේ අනුමත රසායනාගාර වෙත යොමු කර ඇති බවයි. ඒ අනුව එහි පරීක්ෂණ වාර්තා ලබන සතියේ ලැබීමට නියමිත බවත් යම් පාරිභෝගිකයෙකුට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල අන්තර්ගතය සම්බන්ධයෙන් කිසියම් සැකයක් පවතී නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ 0112 112 718 අංකයට දැනුම් දෙන ලෙසයි අදාළ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

හෙට (20) දිනයේ සිට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පාසල් බලධාරීන් හට තම අයදුම්පත්‍ර www.parliament.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි අතර 011 2 777 473 හෝ 335 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කළ හැකි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් දකුණු පළාතේ සිදුකළ පළමු නිල සංචාරයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් සිය Twitter ගිණුමේ සටහනක් තබා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදාළ පුවරුවේ සටහන් කර තිබෙන්නේ මොණරුන් බහුල ප්‍රදේශයක් යන්න වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙන්නේ “Danger Peacocks Ahead” යනුවෙන්. ඒ අනුව ඇය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමා කිසිදිනෙක භයානක මොණරුන් දැක නොමැති බවයි.

Read More

නෙළුම් කුළුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුළුන නැරඹිය හැකි බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ. එසේම සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ දෙවැනි එලිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මින්ස්ටර් ශාලාවේදී අවසන් ගෞරව දක්වා තිබෙනවා. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේනද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

Read More

2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවන අතර මෙරට ආහාර උද්ධමනය 91% ක් ලෙස දැක්වෙනවා. මෙම වාර්තාව අනුව පළමු ස්ථාන තුනේ පසුවන්නේ පිළිවලින් සිම්බාබ්වේ, ලෙබනනය හා වෙනිසියුලාව වන අතර තුර්කිය, ඉරානය, අජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව හා රුවන්ඩාව ඉහළම ආහාර උද්ධමනය සහිත මුල් ස්ථාන 10 තුළ සිටින අනෙකුත් රටවල් වනවා. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය 9.9% ක් ලෙස වාර්තාවී ඇති අතර එය වසරක් තුළ දස ගුණයකින් ඉහළ ගොස් 2022 අගෝස්තු මාසයේ වාර්තා වන…

Read More

අද (19) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලසුම් ණයහිමියන් වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 23වන දින ඔවුන්ට මාර්ගගත සාකච්ඡාවකට සහභාගී වන ලෙස ක්ලීෆර්ඩ් චාන්ස් නීති ආයතනය හරහා දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More