Author: Buzzer Editor

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පවත්වා තිබෙනවා. ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද මෙම අවස්ථාව සඳහා එක්ව තිබෙනවා.

Read More

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිට තිබෙනවා. බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.

Read More

තමෝප්ලාස්ටික් නල හා උපාංග අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, සිය පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඔවුන්ගේ යාපන ප්‍රදේශයේ පිහිටි S-lon නැවත-බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකයට රැගෙන ගොස් ඇත. මේ හරහා පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවනු ඇත. මෙම අභියෝගකාරී කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට මෙන්ම මෙහෙයුම් ජාලයේ ප්‍රධාන පුරුකක් වන වෙළඳ ව්‍යාපාරිකයින් සඳහා සැමවිටම උසස් තත්වයේ සේවාවන් ලබාදීම සඳහා S-lon නිරතුරුවම කැපවී සිටියි. තම නැවත බෙදාහැරීම් මධ්‍යස්ථානය තවත් පාරිභෝගිකයාට සමීප කරවීම සඳහා එය නව ස්ථානයක් කරා ගෙන යාමෙන්, ඔවුන්ගේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට මෙන්ම වෙළඳ ව්‍යාපාරිකයින්ට වඩා කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස බෙදාහැරීමට හැකි…

Read More

කොළඹ මිඩ් ටවුන් රොටරි සමාජය විසින් 2022 සැප්තැම්බර් 2 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී. සහභාගී වූවන්ට පාසල්වල අන්තර් ක්‍රියාකාරීන් සහ Aspire උසස් අධ්‍යාපන විද්‍යාලයේ ගුවන් කළමනාකරණ සිසුන් ඇතුළත් විය. මෙම සිසුන් ගුවන් තොටුපළේදී අනුගමනය කරන ක්‍රියාවලීන් සහ කර්මාන්තය මුහුණ දෙන වත්මන් අභියෝග පිළිබඳව හුරුපුරුදු විය. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හි හැන්ගාර් වෙත පැමිණීමේ දුර්ලභ අවස්ථාව ද ඔවුන්ට හිමි වූ අතර එහිදී ඉංජිනේරු කණ්ඩායම ගුවන් යානයක ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

Read More

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ (19) නිමාවට පත්කර තිබෙනවා. ඒ අනුව දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් දේව මෙහෙය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුකර තිබෙනවා. ඉන් පසු රැජිණ වඩාත් ප්‍රිය කළ මාලිගය වන වින්ඩ්සර් මාළිගය වෙත දේහය රැගෙන ගිය අතර එහි ඇති ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය සිදු කිරීමෙන් අනතුරුව දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබෙනවා. රැජිණගේ ස්වාමිපුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහයද සමඟ මෙලෙස රැජිණගේ දේහයද තැන්පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්පසු පවුලේ දේව මෙහෙයකින් අනතුරුව රැජිණගේ දේහය ඇයගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ දේහය සමඟ…

Read More

2022 අගෝස්තු මාසය වන විට සමස්ත ජල පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 7,200 ක හිඟ මුදලක් අයවීමට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව එම හිඟ මුදලින් රුපියල් මිලියන 5000 ක් අයවිය යුත්තේ ගෘහ පාරිභෝගිකයින්ගෙන් බවයි එහි නිලධාරීන් සඳහන් කරන්නේ. රුපියල් 5000 ට වඩා හිඟ මුදල් ඇති වසරක් තුළ කිසිඳු ගෙවීමක් නොකළ 18,000 ක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් රුපියල් මිලියන 360 ක හිඟ මුදලක් ඇති බවද ඔවුන් පවසනවා. අමාත්‍යවරුන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 12 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් ඔවුන්ගේ නිල නිවාස ගිවිසුම් අලුත් කිරීමට පැමිණීමේදී හිඟ මුදලක් ඇත්නම් මාස දෙකක් තුළ ජල සැපයුම විසන්ධි කරන ලෙස රාජ්‍ය පරිපාලන…

Read More

නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විදේශගත වීමේ දී මොනයම් හෝ රටකට යාමට තැරැව්කරුවන්ට මුදල් දීමෙන් වළකින ලෙසත් එසේ මුදල් ලබාදුන් පසු නැවත එම මුදල් ලබා ගැනීමට අපහසු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේ මුදල් අයකරන වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසත් ඒවා පිළිබඳ සොයාබලා නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

හෙට (21) පෙරවරු 08 සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලටයි. ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

පෙරේදා (18) කොවිඩ් මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (19) කොවිඩ් ආසාදිතයින් 21 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,617 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,748 ක් වනවා.

Read More

අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More