- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඊයේ (21) ත්‍රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසනවා. මෙලෙස ත්‍රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරටට ඒමට පෙර දිවයින පුරා සෑම නගරයකමත් ගමකත් මෙන්ම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවලත් කොළකැඳ අලෙවිය බෙහෙවින් පැවතින. ලොකු කුඩා සැම කෙනෙක්ම කොළ කැඳ කෝප්පයක රස බැලීමට පුරුදු වූයේ පවතින ගුණාත්මක භාවයට වඩා එකිනෙකට වෙනස්ව පැවැති රසයේ හා සුවඳවත්, බවේ ලැදි බවටයි මේ නිසා සමහරු දිනපතාම කොළකැඳ බීමට පුරුදුව සිටි අතර, තවත් සමහරු නිවාඩු දිනවලදී තම නිවෙස්වල කොළකැඳ සාදා දරුවන්ට ද ලබාදීමට පියවර ගත්හ. ඒ කොයි හැටි වෙතත් කොළ කැඳ බීමෙන් සිරුරේ උෂ්ණත්වය හා රෝගී තත්ත්වයන් පහව ගොස් සෞඛ්‍යා ආරක්ෂාව ඇතිවන බව දැන සිටියහ. ආයුර්වේදයේ කැඳවලට යවාගු යන වචනය භාවිතා කරයි. කොළ කැඳ පානය කිරීමෙන් ශරීරයට…
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. ඒ, ට්‍රම්ප් පවුල ඔවුන් විසින් පිහිටුවනු ලැබූ අරමුදල්වලින්, මුදල් ලබා ගෙන ඒවා ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගත් බවටය. මීට පෙර ද අවස්ථා කීපයකදී ට්‍රම්ප්ට සහ දරු තිදෙනාට මෙවැනි චෝදනා එල්ල වී තිබුණි. එල්ල වන එම චෝදනා තමන් සහ තම දරුවන් ප්‍රතික්ෂේප කරනවා යැයි හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. (රොයිටර්ස්)
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ. එසේම බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බවයි සඳහන් වන්නේ.
අද (22) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පෙරේදා (20) කොවිඩ් මරණ 03 ක් වාර්තාවී ඇති අතර ඊයේ (21) කොවිඩ් ආසාදිතයින් 14 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,655 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,751 ක් වනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ මළ සිරුර මහවැලි ගං ඉවුරට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන් මෙය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ට සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා. ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, තමන් එම ප්‍රකාශය සිදු කළේ තහවුරු කර ගැනීමෙන් පසුව බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් බවයි.
ශ්‍රී ලංකාව විසින් සකස් කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන එළඹෙන සිකුරාදා ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව එළඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇපමත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කර තිබෙනවා. සතොස ට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේ වෙනුර ගුණවර්ධන රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.