- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එළඹෙන 25 වනදා සිට 28 වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, එම සැසියට සහභාගී වන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ හමුවක් පැවැත්විණි. එම හමුවේ අරමුණ වූයේ තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතරේ නිර්මාණය වී ඇති අර්බුදයයි. එම අර්බුදයට ආරම්භ වූයේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි චීනයේ විරෝධය නොතකා තායිවානයේ සංචාරය කිරීමත් සමඟය. ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා තායිවානයට පැමිණ තායිවාන පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කළාය. එහිදී ඇය අවධාරණය කළේ ඇමෙරිකාවේ පූර්ණ සහාය තායිවානයට හිමිවන බවය. (රොයිටර් පුවත්)
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී. ජයකොඩි සඳහන් කළේ, මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව විහාරස්ථානවල විදුලි බිල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ලබාදුන් පසු විදුලි බල මණ්ඩලය සහනදායිව විදුලිබිල නිර්මාණය වූ බවයි. විදුලිබිල ගෙවීමට අපහසු දුෂ්කර විහාරස්ථාන සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කරමින් පවතින බවත් එම විහාරස්ථාන සඳහා පෙර පරිදි සහනය ලබාදෙන ලෙස නිර්දේශ ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළා. පිරිවෙන් ඇතුළු අනෙකුත් විහාරස්ථාන සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී. ජයකොඩි සඳහන් කළා.
2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ග්ලයිෆොසේට් ආනයනය කිරීමට තහනම් කිරීමට ගත් තීරණය තුළින් සියලුම ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑමක් එල්ලවී ඇති බවද අදාළ කැබිනට් තීරණයේ සඳහන්. අදාළ කැබිනට් තීරණය පහතින්,
පෙරේදා (21) කොවිඩ් මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (22) කොවිඩ් ආසාදිතයින් 13 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,668 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,752 ක් වනවා.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගෙන, වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (23) ප්‍රකාශ කළා.
අද (23) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණුවලින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රට තුළ බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඒ අනුව එහි සභාපති දීප්ති කුලරත්න සඳහන් කළේ, ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී නොමැති බවයි. එසේම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතිකවී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා. පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී…